තම දේශපාලන ජීවිතයේ දී ගත් අසීරුම තීන්දුවක් ගැන ජනපති කියයි..
Parliament of Sri Lanka
Gotabaya Rajapaksa
Mahinda Rajapaksa
Ranil Wickremesinghe
Sri Lanka
By Aruna
තම දේශපාලන ජීවිතයේ දී ගත් අසීරුම තීන්දුව මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධූරයෙන් ඉවත් කිරීමට ගත් තීන්දුව බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ප්‍රකාශ කර තිබෙනවා.
තමා එම අසීරු තීන්දුව ගත්තේ රට වෙනුවෙන් බවත්,රටේ අනාගතය වෙනුවෙන් අවශ්‍ය ප්‍රතිසංස්කරණ කිරීමට තමා සූදානම් බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.
මේ අතර, විසිඑක්වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන්නේ තම කැමැත්තට අනුව බවද ජනාධිපතිවරයා එහිදී පවසා ඇත.
රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයට පත් කළේ, ඔහු කෙරෙහි ඇති විශ්වාසයෙන් බව සඳහන් කර ඇති ජනාධිපතිවරයා ඒ විශ්වාසය මත පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් ද ඔහුට සහාය ලබාදෙන බව සඳහන් කර ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |