ගෝඨාභය ඉවත් වුණොත් ජනපති වෙන කෙනා මෙන්න..
Basil Rajapaksa
Gotabaya Rajapaksa
By Aruna
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ධූරයෙන් ඉල්ලා අස්වුන හොත් ඉන් අනතුරුව පත්වන ජනාධිපතිවරයා බැසිල් රාජපක්ෂ විය හැකි බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ විජේදාස රාජපක්ෂ පවසනවා.
එබැවින් වෙනස් කළ යුත්තේ පුද්ගලයා නොව පවතින ක්‍රමය බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ විජේදාස රාජපක්ෂ මේ බව සඳහන් කළේ ඊයේ මහනුවරට පැමිණ මහා නා හිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
මේ අතර විධායක ජනාධිපති ක්‍රමය පූර්ණ වශයෙන් අහෝසි කිරීම සුදුසු නොවන බව අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය ආණමඩුවේ ශ්‍රී ධම්මදස්සී හිමියන් පවසනවා.
උන්වහන්සේ ඒ බව සඳහන් කළේ අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා අද මහනුවරදී මහ නාහිමිවරුන් බැහැදැකීමට පැමිණි අවස්ථාවේදීයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |