මහ බැංකුවේ ගැන ගෝඨාභයගෙන් දැනුම් දීමක්..
Central Bank of Sri Lanka
Gotabaya Rajapaksa
By Aruna
මහ බැංකුවේ කාර්යභාරය ස්වාධීනව ඉදිරියට කරගෙන යෑමට රජයේ පූර්ණ සහය ලබාදෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.
ඔහු මෙසේ පැවසුවේ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඇතුළු එහි ප්‍රධානීන් සමග ජනාධිපති මන්දිරයේදී ඊයේ පැවති සාකච්ඡාවකදීය.
මූල්‍ය අර්බුදය කෙටි කලකදී පාලනය කිරීමටත් යහපත් අතට හැරවීමටත් නන්දලාල් වීරසිංහ මහතා ගත් ක්‍රියාමාර්ග මෙහිදී ජනාධිපතිවරයා ගේ පැසසුමට ලක් විය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලෝක බැංකුව ඇතුළු මූල්‍ය ආයතන සමඟ සාකච්ඡා කරමින් ගෙන යන වැඩපිළිවෙළ සාර්ථක ප්‍රගතියක් අත්කරගෙන ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මෙහිදී ප්‍රකාශ කළේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |