මෙරට අර්බුදය විසඳීමට ජනපතිගෙන් විසඳුම් - සියල්ලන්ට ජනපතිගෙන් ඇරයුම්
කඩිනමින් විදේශ විනිමය උපයා ගැනීම සඳහා දෙස් - විදෙස් ආයෝජකයින්ට කර්මාන්ත ක්ෂේත්‍රයේ ඉඩ ප්‍රස්ථා පුළුල් කළයුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කර්මාන්ත අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීම අද පෙරවරුවේ කොළඹ,කොටුව ජනාධිපති මන්දිරයේදී පැවැති සාකච්ඡාවකදී මේ බව ප්‍රකාශ කර ඇත.
ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දී ඇත්තේ, විදේශ විනිමය ඉපැයිය හැකි කර්මාන්ත හඳුනාගෙන ඒවායේ උන්නතිය වෙනුවෙන් ගතයුතු ඉදිරි වැඩපිළිවෙළ කඩිනමින් සකස් කළ යුතු බවය.
විදේශ විනිමය අර්බුදය හමුවේ කර්මාන්තකරුවන් මුහුණදෙන අභියෝග සහ පිළියම් පිළිබඳවද දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්වුණි. අපනයන කර්මාන්ත ආශ්‍රිතව උපයන විදේශ විනිමය සෘජුව අමුද්‍රව්‍ය ආනයනය සඳහා යොදා ගැනීමට ඇති හැකියාව සොයා බලන ලෙස ද ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් දී තිබේ.
ඒ අනුව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ කර්මාන්ත සඳහා අනුමැතිය ලබාදෙන සියලු ආයතන එකම මේසයක සිට පවතින ගැටලු සඳහා විසඳුම් සෙවීමට පියවර නොගතහොත් ආයෝජකයින් දිනාගත නොහැකි බවය.
මේ අතර දකුණු කොරියානු තානාපති ජියෝන්ග් වුන්ජින් මහතා අද පස්වරුවේ ජනාධිපතිවරයා මුණ ගැසුණි. එහිදී තානාපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ, පවතින ආර්ථික අර්බුදය විසඳා ගැනීමට තම රජයේ පූර්ණ සහාය ශ්‍රී ලංකාවට ලබාදෙන බවය.
මෙරට තරුණයින්ට සිය රටින් ලබාදෙන රැකියා අවස්ථා සංඛ්‍යාව වැඩි කරගැනීම හා ව්‍යවසායකයින්ට කර්මාන්ත ක්ෂේත්‍රයේ ආයෝජනය සඳහා ඇරයුම් කරන ලෙස ජනාධිපතිවරයා මෙහිදී ඉල්ලීමක් කර ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |