"..ඉක්මනින්ම සහය අවශ්‍යයි.." ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්..!
Gotabaya Rajapaksa
Sri Lanka Economic Crisis
Sri Lanka
IMF Sri Lanka
By Sewvandhi
ඖෂධ, ආහාර සැපයුම් සහ ඉන්ධන ආනයනය වැනි ක්ෂණික අවශ්‍යතා සපුරාලීම සහතික කිරීම සඳහා ජාත්‍යන්තර මිතුරන්ගේ සහය ඉක්මනින් අවශ්‍ය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසනවා.
ඒ ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා ඇතුළු ලෝක නායකයකින් සහභාගි වන ආසියාවේ අනාගතය පිළිබඳ 27 වැනි ජාත්‍යන්තර සමුළුව අද අමතමින්.
ජපානය ශ්‍රී ලංකාවේ ප්‍රධාන සංවර්ධන හවුල්කරුවෙකු වන අතර එරටින් අරමුදල් සැපයීම සම්බන්ධයෙන් මේ වනවිට පැවැත්වෙන සාකච්ඡා ඉක්මනින් අවසන් වනු ඇති බවට බලාපොරොත්තු වන බව ජනාධිපතිවරයා අවධාරණය කළා.
එමෙන්ම ජපානය මෙරට ආර්ථිකය ස්ථාවර කිරීමට දරනු ලබන උත්සාහයට සහය වනු ඇතැයි අපේක්ෂා කරන බවයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ.
දුෂ්කර අවස්ථාවේ සිය රටට සහයෝගය ලබාදීමේ හැකියාව සොයා බලන ලෙසයි සමුළුව අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකාවට සමීප රටවල්වලින් ඉල්ලා සිටියේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |