ඉක්මනින් වයසට යන්න අකමැතිනම් මේ පුරුදු දැන්ම නවත්තන්න.

Healthy Food Recipes Office of Public Health
By Sithumini Aug 27, 2024 12:59 PM GMT
Report


මොන වයසක හිටියත් හැමෝම කැමතියිනේ තමන්ගේ පෙනුම පවත්වා ගන්න. කොහොම වුණත් ඒ පෙනුමට අපි කරන වැරදි පුරුදුත් බලපානවා.

ඒවගේ තමන්ගේ පෙනුමට බාධා කරන තමන්ගේ පෙනුම වයසට යවන කාරණා ටිකක් තමයි අපි අද ගෙනාවේ.

අන්ක එක තමයි කොට්ටේ මුහුණට තදකරගෙන නිදා ගැනීම. කොට්ටේ මුහුණට තද කරගෙන නිදාගන්න එකෙන් ඔබේ මුහුණේ මාංශපේශි ඇදීමට බලපානවා.

එමගින් ඔබට ඉක්මනින් වයසක පෙනුමක් ලැබෙනවා. දෙවන කාරණය තමයි සීනි සහ පැණි රස ආහාර අධික ලෙස ගැනීම මේක බොහෝ දෙනෙකුට වයසක පෙනුමක් ගේන්න බලපාන කාරණාවක්.ඇතැම් අය පුරුදුවෙලා ඉන්නවා අදික ලෙස පැණිරස ආහාර ගන්න. නමුත් ඔබ එසේ කීර්ම මගින් ඉක්මන් වයස්ගත් පෙනුමක් ඔබට ලැබීමට ඒ කාරණාව බලපානවා.

මීළග කාරණය තමයි නියමිත ලෙස හමට සරිලන සත්කාර නොකිරීම.

හමේ පෙනුම හැමදාම එකම විදියට පැවතෙන්නේ නෑ. ඒකට හේතුව තමයි ඔබ කාලයත් එක්ක එහෙමත් නැට්ග්නම් ඔබ දිනපතා මේකප් භාවිතකරනන්වන්ම් ඔබේ හමේ සෞඛ්‍යට මේ කාරණාව බලපානවා.

ඒ නිසා ඔබ ඔබේ මුහුණට ඉතා හොද සත්කාර කිරීම වැදගත් වෙනවා.

මීළග කාරණය වෙන්නේ අධික ලෙස හිරු එළියට නිරාවරණය වීම.

ඔබේ සම ඔබ නිරන්තරයෙන් හිරු එළියට නිරාවරණය කරගන්නවනම් ඔබේ හම ඉතා ඉක්මනින් දුර්වලවෙනවා. එමගින් ඔබට වයස්ගත පෙනුමක් එන්න පුළුවන්.

මීළග කාරණය තමයි ඔබ ප්‍රෝටීන් අඩු ආහාර වේලක් ලබා ගන්න එක.

ප්‍රෝටීන් කියලා කියන්නේ අපේ ශරීෂයට අත්‍යවශ්‍ය සාදකයක්. ඔබ ප්‍රෝටීන් අඩු ආහාර ලබා ගැනීමෙන් ඔබේ හම දුර්වල වෙන්නත් හැකියාව තිබෙනවා.