ඇසුරුම් කල භාණ්ඩ රැසක මිල ගණන් යලිත් ඉහළට - එළවළු මිලත් අහස උසට නගී

Food Shortages Sri Lanka Economic Crisis Sri Lanka Sri Lanka Food Crisis
By Sithumi Jun 21, 2022 03:36 PM GMT
Report

වෙළඳපලේ ඇසුරුම් කරන ලද භාණ්ඩ රැසක මිල ගණන් යලි ඉහළ දමා තිබෙනවා. එදිනෙදා භාවිතයට ගන්නා සබන්, දත් බෙහෙත්, බිස්කට් වර්ග හා නුඩ්ලස් ඇතුළු තවත් භාණ්ඩ රැසක මෙලෙස ඉහළ ගොස් ඇති බවයි වෙළඳපල ආරංචිමාර්ග සඳහන් කළේ.

මීට සති 2කට පමණ පෙර රුපියල් 135 ක් පමණ මිලක පැවති ඇඟ ගල්වන සබන් කැටයක මිල මේ වනවිට රුපියල් 185 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එසේම දෛනිකව භාවිතයට ගැනෙන දත් බෙහෙත් මධ්‍යම ප්‍රමාණයේ පැකට්ටුවක මිල ද රුපියල් 185 දන්වා ඉහළ ගොස් තිබෙනවා.

එහි ග්‍රෑම් 160ක් බරැති විශාල ප්‍රමාණයේ දත් බෙහෙත් පැකැට්ටුවක මිල ද රුපියල් 310 දක්වා ඉහළ ගොස් ඇතැයි සඳහන් කළේ.

මීට අමතරව, කොළඹ ඇතුළු නගරබද ප්‍රදේශවල කුලී නිවාසවල රැදී සිටින පුද්ගලයින් වැඩි වශයෙන් ආහාරයට ගන්නා කුඩා ප්‍රමාණයේ ක්ෂණික නුඩ්ලස් පැකැට්ටුවක මිල රුපියල 120 දක්වා ඉහළ ගොස් ඇති අතර එය මීට පෙර පැවතියේ රුපියල් 55ත් 60ත් අතර මිලකටයි.

එමෙන්ම බිස්කට් වර්ග වල මිල ගණන් ද යලිත් වරක් ඉහළ දමා තිබෙනවා. ග්‍රෑම් 75 ක කුඩා ප්‍රමණයේ බිස්කට් පැකැට්ටුවක් මීට පෙර අලෙවි වූයේ රුපියල් 60කට වන අතර එය මේ වනවිට රුපියල් 80ත් 120ත් අතර මිලකට අලෙවි වනවා.

ග්‍රෑම් 400 මධ්‍යම ප්‍රමාණයේ ඇතැම් බිස්කට් ඇතැම් බිස්කට් වර්ගවල මිල රුපියල් 450 ඉක්මවා ඇති බවටයි වාර්තා වන්නේ. මීට අමතරව එළවළු මිලගණන් ඉහළයාමත් සමඟ ජනතාව වැඩි වශයෙන් මිලදි ගත් සෝයා පැකට්ටුවක මිල ද රුපියල් 110ත් 130ත් අතර මිලකට ඉහළ ගොස් තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now