ගර්භණී මව්වරුන්ට සුබ පණිවිඩයක්..
Sri Lanka
Government Of Sri Lanka
By krishani
ගර්භණී මව්වරුන් සඳහා මේ වර්ෂයේ දී රුපියල් 45,000 ක පෝෂණීය ආහාර දීමනාවක් ලබාදීමේ ව්‍යාපෘතියක් ආරම්භ කරන බව කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව රුපියල් 20,000 ක් ලෙස ගර්භණී මව්වරුන්ට පෝෂණ දීමනාව ලබාදීමේ වැඩසටහන රුපියල් 45,000 ක් ලබාදීමේ වැඩසටහන ලෙස මෙම වසරේ දී සංශෝධනය කර ඇත.
නව වැඩසටහන මීට පෙර සිදුකළ ආකාරයෙන්ම ගර්භණී සමයේ මාස 6ක කාලයකුත්, කිරිදෙන සමයේ මාස 4 කුත් ලෙස මාස 10 ක කාලයක් සඳහා ප්‍රතිලාභ වශයෙන් ලබාදීමට නියමිත අතර එහිදී මාසිකව රුපියල් 4500 බැගින් මාස 10 ක කාලයක් සඳහා ගර්භණී මව්වරුන්ට එම පෝෂණ දීමනාව ලබාදීම සිදු කෙරෙයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |