යුද්ධයේදී ආබාධිත වූ පොලිස් නිලධාරීන්ට රජයෙන් සුබ ආරංචියක්.

Sri Lanka Police Government Of Sri Lanka
By Wayomi Jan 31, 2024 05:01 AM GMT
Report

යුද්ධයේදී ආබාධිත වු පොලිස් විශ්‍රාමික රණවිරුවන්ට වයස අවුරුදු 55 දක්වා උසස්වීම් හා ඊට අදාළ වැටුප් ක්‍රමවේදයක් සකස් කිරීමට තීරණය වී තිබෙනවා.

ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සරත් වීරසේකර මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වු අවස්ථාවේ මේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළා.

ඒ, අනුව තමන් සේවයේ යෙදී සිටියා නම් ලැබීමට නියමිතව තිබු උසස්වීමට අදාළ තනතුරු නාමය ද, එයට අනුරූපී වැටුප සමඟ ලබාදෙන ලෙස ආබාධිත පොලිස් නිලධාරීන්ගේ නියෝජිතයින් එහිදි කාරක සභාවෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

යුද්ධයේදී ආබාධිත වූ පොලිස් නිලධාරීන්ට රජයෙන් සුබ ආරංචියක්. | Good News For Disabled Police Officers

එමෙන්ම විශේෂ ඒකකවල සේවය කරන නිලධාරීන් සිදුකරන විශේෂ වු රාජකාරිය සහ එහි ඇති අවදානම පදනම් කරගෙන ලබාදෙන දීමනාව විශේෂ ඒකකවල සේවය නොකරන නිලධාරීන්ට ද ලබාදෙන බවට ද මෙහිදී අනාවරණය වී ඇත.

ඒ, අනුව ආංශික අධීක්ෂණ කාරක සභාව නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත්තේ, එලෙස වැරදි ලෙස දීමනා ලබාදෙන විශ්‍රාමික ආබාධිත නිලධාරීන් පිළිබඳව විමර්ශනය කර මසක් ඇතුළත වාර්තාවක් ලබා දෙන ලෙසයි.

මේ අතර ආබාධිත පොලිස් රණවිරුවන්‍ට ප්‍රතිකාර ගැනීම සඳහා පොලිස් රෝහලේ වෙනම කවුළුවක් විවෘත කිරීමට කටයුතු කරන ලෙස කාරක සභා සභාපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී තිබෙනවා.


                                                                                        Sponsored By Sarrita Jewellery

යුද්ධයේදී ආබාධිත වූ පොලිස් නිලධාරීන්ට රජයෙන් සුබ ආරංචියක්. | Good News For Disabled Police Officers