ජීවිත අරගලය දිනන්න ඔබ සතු තිබිය යුතු දේවල්.
ජීවිතේ සමහර තැන් තියෙන අපි පුංචිම ප්‍රශ්නයකදී වුණත් කඩා ගෙන වැටෙනවා. ඒ අවස්ථා වලදී මානසිකව වැටෙනවා කියන්නෙම ගොඩ එන්න ටිකක් අමාරුයි. සමහරු නම් වැටුණොත් වැටුණමයි. ඒ හැමදේටම මුල අපි සිතන පතන ආකාරය සහ අපි පුරුදු කර ගත් ඇතැම් පුරුදු. සමහර පුරුදු තියෙනවා ගොඩක් තැන් වලදී අපිට වරදින. ඉතින් ජීවිතයේ වරදින තැන් හදාගෙන ඉස්සරහටම යන්න නම් මේ පුරුදු ටිකත් ජීවිතයට පුරුදු කරගන්න.
? හැමතැනකදිම හැම ප්‍රශ්නයකදීම සංසුන් වෙන්න. සන්සුන්ව ගැටළු වලට පිළිතුරු සොයන්න.
? අඩුවෙන් කතා කරන්න
? බොරු මවාපෑම් නොකරන්න. සත්‍යවාදී වෙන්න.
? සතුටෙන් හා දුකෙන් සිටින විට තීරණ නොගන්න.
? කෙනෙක් සමඟ කතා බහ කරද්දී සහ සංවාදයේ යෙදෙද්දී eye contact පවත්වාගන්න.
? හරි body language එක පවත්වා ගන්න.
? කථාකරනවට වඩා අහන් ඉන්න පුරුදුවෙන්න.
? රාමුවෙන් පිට නිවැරදි දේ සිතන්න.
? තමන් ගැන අඩුවෙන් කතා කරන්න.
? හැමදේටම එකඟ නොවන්න.
? වැඩ කල් නොදමන්න.
? ලද දෙයින් සතුට විදින්න.
? අන් අයට කලින් තමන්ට වැඩිපුර ආදරේ කරන්න පුරුදු වෙන්න.
? නිතරම මිනිසුන්ට උදව් කරන්න.
? සමගියෙන් කටයුතු කරන්න.
? අන් අයගේ ඇදකුද හොයන්න, කේලම් කියන එක නතර කරන්න.
? තවකෙකුගේ දියුණුවට ඊර්ෂියා නොකර තමන්ගේ අඩුපාඩු හදාගෙන දියුණු වෙන්න.
? සාධාරණය සහ අසාධාරණය වෙන්නුවෙන් පෙනිසිටින්න.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ |