මෙරට රන් මිල එකවරම සීඝ්‍රයෙන් පහළ යයි..පාරිභෝගිකයින්ට සුබ ආරංචියක්...

Gold Price in Sri Lanka Sri Lanka Today Gold Price Daily Gold Rates Gold
By Aruna Nov 02, 2022 11:00 PM GMT
Report

පසුගිය මාර්තු මාසයෙන් පසුව මෙරට රන් මිලෙහි සීඝ්‍ර වෙනස්කමක් මෙම සතිය තුළ සිදුවෙමින් පවතින බව කොළඹ, හෙට්ටිවීදියේ රන් ආභරණ වෙළදසැල් හිමියන් ප්‍රකාශ කර සිටිනවා.

අද දිනයේ දී කැරට් 22 රන් පවුමක මිල රු. 156,400 ක් වූ අතර කැරට් 24 රන් පවුමක මිල රු. 169,000ක් ලෙසයි වාර්තා වුයේ.

ඊයේ දිනයට සාපේක්ෂව කැරට් 22 රන් පවුමක මිල රුපියල් 1,100 කින්ද, කැරට් 24 රන් පවුමක මිල රුපියල් 1000කින් ද පහත බැස තිබේ.

ඊයේ දිනයේ දී කැරට් 22 රන් පවුමක මිල රු. 157,500ක් ලෙස වාර්තා වූ අතර කැරට් 24 රන් පවුමක මිල රු. 170,000ක් ලෙස වාර්තා වුණා.

පසුගිය සතියේ දී කැරට් 22 රන් පවුමක මිල රු. 161,000ක් ලෙස සහ කැරට් 24 රන් පවුමක මිල රු. 175,000ක් ලෙස වාර්තා වූ බවයි රන් ආභරණ වෙළඳසැල් හිමියන් සඳහන් කළේ.

මේ අනුව රත්‍රන් මිල පහළ යනු ඇතැයි දැඩි අපේක්ෂාවෙන් සිටින පාරිභෝගික ජනතාවට මෙය සතුටුදායක පුවතක් වුවත් දැනට මෙරටේ පවතින ආර්තික තත්ත්වය හමුවේ රන් මිල ඉදිරියේදී තවත් පහළ යනු ඇතැයි දැඩි අපේක්ෂාවෙන් සිටී.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now