රන් මිල කැපී පෙනෙන ලෙස එකවරම පහළ යයි..පාරිභෝගිකයින්ට සුබම සුබ ආරංචියක්..
ගෝලීය දේශපාලන හා ආර්ථික අර්බුද හමුවේ මෙරට රත්තරං වෙළඳපොලට ද දැඩි බලපෑමක් එල්ලවී තිබෙනවා.
සාමාන්‍යයෙන් මෙම කාල සමය රත්තරං මිල ඉහළ යන සමයක් වුවද මේ වන විට රත්තරං මිල කැපී පෙනෙන ලෙස පහළ ගොස් තිබීම විශේෂත්වයක්.
මීට දැඩි ලෙස බලපා ඇත්තේ ලෝක රත්තරං වෙළඳපොළට සම්බන්ධ රටවල උද්ධමනය ඉහළ යාමයි.
රත්තරං මිල මෙලෙස දිගින් දිගටම පහළ ගියහොත් එය ලෝක ආර්ථිකයට එල්ල කරන්නේ දැඩි බලපෑමක්.
එම තත්ත්වය ශ්‍රී ලංකාවට බලපාන්නේ කෙසේද ?
මේ සම්බන්ධයෙන් ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ වටිනා ලෝහ විශ්ලේෂණය කිරීමේ කාර්යංශයේ සහකාර අධ්යක්ෂ ඉන්දික බණ්ඩාර මහතා මෙලෙස අදහස් දැක්වුවා.
එක්සත් ජනපදයේ උද්ධමනය හේතුවෙන් රන් අවුන්සයක් ඩොලර් 1625 ක් ලෙස වාර්තා වී තිබේ.
එක්සත් ජනපදයේ බලපෑම හේතුවෙන් රන් මිල පහත වැටී ඇත.
කොළඹ චෙට්ටියාර් වීදියේ රන් අලෙවිසැල් මාර්තු මාසයෙන් පසු අඩුම රන් මිල වාර්තා කළේය.
ඒ අනුව කැරට් 22 රන් මිල රුපියල් 160000ක් ලෙසද කැරට් 24 රන් මිල රුපියල් 174000ක් ලෙසද වාර්තා විය.
මේ අනුව පවතින ආර්ථික අර්බුදය හමුවේ ආයෝජනයක් ලෙස රත්තරං මිලදී ගත් පිරිස් වෙත පවතින තත්ත්වයෙන් පාඩුවක් සිදුවන බවයි ඔහු පැවසුවේ.
එහෙත් එය පාරිභෝගිකයින්ට වාසිදායක තත්ත්වයක් බව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ වටිනා ලෝහ විශ්ලේෂණය කිරීමේ කාර්යංශයේ සහකාර අධ්යක්ෂ ඉන්දික බණ්ඩාර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |