ලංකා ඉතිහාසයේ වැඩිම රන් මිල අද වාර්තා වෙයි..නම මිල මෙන්න.

Sri Lanka Business Gold market Gold price change
By Aruna Mar 11, 2022 07:03 AM GMT
Report

මෙරට තුළ රන් මිල අද දිනයේ බලාපොරොත්තු නොවූ අයුරුන් ඉහළ ගොස් තිබෙනවා.

කොළඹ හෙට්ටිවීදියේ රන් ආභරණ නිෂ්පාදකයන්ගේ අද දිනයේ මිල ගණන්වලට අනුව මෙලෙස රන් මිල ඉහළ ගොස් ඇත.

ඒ අනුව කැරට් 24 රන් පවුමක මිල රුපියල් 141,000 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එමෙන්ම කැරට් 22 රන් පවුමක මිල රුපියල් 130,500 දක්වා ඉහළ ගොස් ඇති බව හෙට්ටිවීදියේ රන් ආභරණ නිෂ්පාදකයන් පැවසීය.

එය මෙතෙක් මෙරටින් වාර්තා වූ ඉහළම රන් මිල වේ.

කෙසේවෙතත් ලංකාවේ මෙවැනි තත්ත්වයක් තිබුණ ද යුද්ධය නිසා රුසියාවේ සහ යුක්රේනයේ බොරතෙල් මිල සහ රන් රිදී මිල ඉහළ ගොස් තිබුණා.

දැන් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ආරක්ෂිත ආයෝජනයක් ලෙස රත්රන්වලට වැඩි අවධානයක් ලබා දීම සඳහා රත්රන් මිලදී ගැනීමේදී එකතු කළ බද්ද ඉවත් කරන බව නිවේදනය කර තිබෙනවා.

රුසියාවේ රත්රන් මිලදී ගැනීමේදී, මිලදී ගත් මිලෙන් සියයට 20 ක් වැට් බදු ලෙස ගෙවිය යුතු වුණා.

ඒ අනුව මිලදී ගත් මිලෙන් සියයට 20 ක් වැට් බදු ලෙස ගෙවූ සම්පූර්ණ වැට් බද්ද ඉවත් කිරීම රත්‍රන් මිල පහත හෙලනු ඇති බවයි පැවසෙන්නේ.

රුසියාවේ, මිනිසුන් සාමාන්යයෙන් ආයෝජනය කිරීමට එක්සත් ජනපද ඩොලර් තෝරා ගන්නවා. ජනාධිපති පුටින් නියෝගය සම්මත කළා.

මෙම නියෝගයට අනුව රත්‍රං මත වැට් බද්ද ඉවත් කෙරෙනු ඇති.

මේ හේතුවෙන් ආයෝජකයන්ගේ උනන්දුව ඩොලරයට වඩා රත්‍රන් කෙරෙහි වැඩි වනු ඇතැයි අනුමාන කෙරෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now