ලෝක වෙළෙඳපොළේ රන් මිල ඩොලර් 3,800 සීමාවෙන් පහළ

Gold Price in Sri Lanka Today Gold Price Daily Gold Rates Gold Sinhala news
By R.rishma Nov 18, 2026 11:14 AM GMT
Report

ලෝක වෙළෙඳපොළේ රන් මිල සීග්‍ර පහළ යාමක් වාර්තා කර තිබේ.

ඒ අනුව රන් අවුන්සයක මිල මේ වනවිට අමෙරිකානු ඩොලර් 3,774ක් දක්වා පහත වැටී ඇති අතර, එය ඩොලර් 3,800 සීමාවෙන් ද පහළට පැමිණීමක් ලෙස සටහන් වේ.

ලෝක වෙළෙඳපොළේ රන් මිල පහළ යාමට සමගාමීව මෙරට රන් මිල ද සැලකිය යුතු ලෙස අඩු වී තිබේ.

ඒ අනුව අද (18) දිනයේ කැරට් 22 රන් පවුමක මිල රුපියල් 326,600ක් ලෙස සටහන් වන අතර, ඊයේ (17) දිනයේ එම මිල රුපියල් 329,400ක් ලෙස පැවතිණි.

එමෙන්ම කැරට් 24 රන් පවුමක මිල ද අද වනවිට රුපියල් 355,000ක් දක්වා පහත වැටී තිබේ. ඊයේ දිනයේ එහි මිල රුපියල් 358,000ක් ලෙස සටහන් විය.

ඒ අනුව එක් දිනක් තුළ කැරට් 22 සහ කැරට් 24 යන දෙවර්ගයේම රන් පවුමක මිල රුපියල් 3,000කට ආසන්න අගයකින් පහළ ගොස් තිබේ.