රන් මිල වාර්තාගත ලෙස ඉහළ යයි..!

America world market Gold price Asian rate Russian ukrain war
By Sewvandhi Mar 07, 2022 12:26 PM GMT
Report

ආසියානු වෙළදපොළේ රන් අවුන්සිලයක මිල අද (07) ඇමරිකානු ඩොලර් 2000 ඉක්ම වූවා.

රුසියානු - යුක්රේන අර්බුදය හමුවේ සුරක්ෂිත ආයෝජනයක් ලෙස රන් මිල මෙලෙස වසර එක හමාරකින් ඉහළම අගයට පත්වූ අතර, ආසියානු වෙළදපොළේ එම මිල සටහන් වූයේ ඩොලර් 2000. 86ක් ලෙසයි.

ජාත්‍යන්තර වෙළදපොළේ අත්පිට රන් ගැනුම් මිල ද ඩොලර් 2000.69 දක්වා ඉහළ ගිය අතර පසුව එය ඩොලර් 1998.38 දක්වා සමනය වුණා.

ඇමරිකානු වෙළදපොළේ ඉදිරි රන් ගැනුම් මිල ද සියයට 1.7කින් ඉහළ ගොස් සටහන් වූයේ ඩොලර් 2000.20ක් ලෙසයි.

යුක්රේන අර්බුදය හේතුවෙන් ලෝක වෙළදපොළේ බොරතෙල් බැරලයක මිල ද අද ඩොලර් 130 ඉක්ම වූයේ වසර 14කින් ඉහළම අගය සලකුණු කරමින්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now