රන් මිල ගැන සතුටුදායක ආරංචියක්..එකවර සිදුවූ දේ මෙන්න..

Sri Lanka Business Gold Gold market
By Aruna Mar 14, 2022 03:48 AM GMT
Report

ලෝක වෙළඳපොලේ රන් මිලේ සුළු අඩුවීමක් මේ වනවිට දක්නට ලැබෙන බව වාර්තා වනවා.

රන් අවුන්සයක මිල මේ වනවිට සටහන් වන්නේ ඩොලර් 1980යි ශත 21ක් ලෙසයි.

ඊයේ රන් අවුන්සයක මිල ඩොලර් 1988.18ක් ලෙස සටහන් වූ අතර, එය සියයට 0.52ක අඩු වීමක්.

රුසියානු – යුක්‍රේන යුද වාතාවරණය හේතුවෙන් ආසියානු වෙළෙදපොළේ රන් මිල පසුගිය දින වල ඉහළ ගියා.

ඒ අනුව ආසියානු වෙළෙදපොලේ රන් අවුන්සයක මිල ඇමෙරිකානු ඩොලර් 2000.86ක් ලෙසයි පසුගිය දින වල වාර්තා වුණේ.

මෙම තත්ත්වය හේතුවෙන් මෙරට වෙළඳපොළේ රන් මිලද පසුගිය දින වල සීග්‍රයෙන් ඉහළ ගියා.

මෙරට රන් ආභරණ නිෂ්පාදකයන්ගේ මිල ගණන් වලට අනුව කැරට් 22 රන් පවුමක මිල වාර්තා වුණේ, රුපියල් 122,100ක් ලෙසයි.

එමෙන්ම කැරට් 24 රන් පවුමක මිල 132,000ක් ලෙස දැක්වුණා.

2022 වසර ආරම්භයේදී හෙට්ටිවීදියේ කැරට් 22 රන් පවුමක මිල පසුගිය දිනවල සටහන් ව ඇත්තේ රුපියල් 112,900ක් ලෙසයි.

එමෙන්ම කැරට් 24 රන් පවුමක මිල 122,000ක් ලෙසයි වාර්තා වුණේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now