රුපියල් මිලියන 43කට අධික රත්රන් තොගයකට සිදු වුන දේ..

Sri Lanka Police Sri Lanka
By krishani May 31, 2022 05:49 AM GMT
Report

ශ්‍රී ලංකා රේගුවේ කන්කසන්තුරය උප නිවාරණ කාර්‍යලය මගින් රුපියල් මිලියන 43කට අධික වටිනාකමකින් යුතු රත්රන් තොගයක් රාජසන්තක කර ඇත.

ඒ තලෙයිමන්නාරම දෙවන වැලි පරයට නාවික සැතපුම් 1.2ක් දුරක දී මෙම රත්රන් තොගය සැකකරුවන් තිදෙනෙකු සමග අත් අඩංගුවට පත්වීමෙන් පසුවයි.

කිලෝග්‍රෑම් 1.912ක බරකින් යුතු මෙම රත්රන් තොගයේ තක්සේරු වටිනාකම රු. 43,208,000 ක් වන අතර මෙම රත්රන් තොගය හොර රහසේ ඉන්දියාවට ගෙනයාමට සැලසුම් කර තිබූ බවයි අනාවරණය වන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join