ඥානසාර හිමිට ජම්පර් අන්දයි - චීවරය ඉවත් කර සිරකරු අංකයක් ලබා දෙයි
සිරගත කළ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට සිරකරු අංකයක් ලබා දී සිරකරුවන්හට ලබා දෙන ජම්පරය ලබා දුන් බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක සේනක පල්ලේතැන්න පවසයි.
ඒ අනුව උන්වහන්සේගේ චීවරය ඉවත්කර ජම්පරය ඇඳ සිටින බව මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා ඇත. එමෙන්ම උන්වහන්සේ සාමාන්‍ය සිරකරුවන් රඳවා සිටින වාට්ටුවක රඳවා ඇති බවත් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවලට වැරදිකරු වීමෙන් අනතුරුව පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට පනවා තිබෙන සිරදඬුවමේ ඉතිරි කාල සීමාව ක්‍රියාත්මක කිරීම සඳහා පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය නියෝග කර ඇත.
ඒ අත්අඩංගුවට ගැනීම සඳහා විවෘත වරෙන්තු නිකුත් කර තිබූ ඥානසාර හිමියන්ව බන්ධනාගාර නිලධාරීන් විසින් අද අභියාචනාධිකරණය හමුවට ඉදිරිපත් කර තිබීමෙන් අනතුරුවය.
එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල ඥානසාර හිමියන්ට පණවනු දඬුවමේ ඉතිරි කාලය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් වරයා වෙත නියම කළේය.