අපි වර්ජනවලට දැන්ම යන්නේ නැහැ - බොරු ප්‍රචාරයක් යන්නේ.. අපිව ගාව ගන්න එපා - GMOA
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) ලබන සඳුදා (25) පෙරවරු 8:00 සිට දිවයින පුරා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව නිවේදනය කර ඇත.
සෞඛ්‍ය අමාත්‍යවරයාගේ උපදෙස් නොතකමින්, වෛද්‍ය නිලධාරීන්ගේ ස්ථාන මාරු ක්‍රියාවලිය කඩාකප්පල් කරමින්, දූෂිත, අත්තනෝමතික සහ අකාර්යක්ෂම ක්‍රියා සිදුකරන සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන්ගේ හැසිරීමට විරෝධය පළ කිරීම සඳහා මෙම තීරණය ගත් බව GMOA සඳහන් කරයි.
සෞඛ්‍ය අමාත්‍යවරයා සමඟ එකඟතා ඇතිකර ගත්තද, එම එකඟතා ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් වර්ජනයකට යොමුවීමට සිදුවූ බවද සංගමය පවසයි.
මේ අතර, GMOA පවසන්නේ, වැඩ වර්ජනය සම්බන්ධයෙන් ව්‍යාජ ප්‍රචාර සිදුවෙමින් ඇති බවයි. සමාජ මාධ්‍ය ඔස්සේ ව්‍යාජ ලේඛන සංසරණය වන බවත්, එම ලේඛනවල GMOA හි නිල නාමය, ලාංඡනය, ලිපි ශීර්ෂය සහ ලේකම්වරයාගේ නම හා අත්සන යොදා ඇති බවත් ඔවුන් චෝදනා කරයි.
මෙම ව්‍යාජ ලේඛන ඔස්සේ වෛද්‍යවරුන්ගේ වැඩ වර්ජනය හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කිරීමක් ලෙස හුවා දැක්වීමට උත්සාහ කර ඇති බව GMOA පෙන්වා දෙයි.
මෙම ව්‍යාජ ප්‍රචාර සඳහා රජයට සම්බන්ධ යම් වෛද්‍ය වෘත්තීය සමිතියක් ක්‍රියාකාරීව දායක වන බවටද GMOA චෝදනා කරයි.
මීට පෙරද මෙවැනි උත්සාහයන් සිදුවී ඇති අතර, ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඇති බව GMOA පවසයි. මේ සම්බන්ධයෙන් ද නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කරයි.