ඔයාත් ඔයාගේ හම ලස්සන කරගන්න අද ඉදන් මේ ටිප්ස්ටික කරලා බලන්න..
ගැහැනු ළමයි ගොඩක් කැමති දෙයක් තමන්ගේ තමන්ගේ පෙනුම රැක ගැනීම. හමේ පාට මොකක් වුණත් තමන්ගේ පෙනුම ලස්සන කරගන්න එක හැමෝගෙම ආසාවක්.
ඉතින් බොහෝ දෙනෙක් හමේ පැහැය වැඩි කරගන්න කියලා අද වන විට වෙළෙදපොළේ තියෙන විවිධ අහිතකර ආලේපන භාවිත කරන්න පෙළඹෙනවා.
නමුත් ඔබ ඔබ හරියට සැලකිලිමත්ව මේ පිළිබදව අවදානයෙන් කටයුතු කරනවනම් ඔයාගේ හමේ පාටත් වැඩි කරගෙන දිදුලන පෙනුමක් ලබා ගන්න ඔයාටත් පුලුවන්.
1. දිනකට වතුර ලීටර් 3ක් අනිවාර්‍යෙන්ම පානය කිරීම. ජලය කියලා අපේ ශරීරයේ පෙනුමට ඉතාම විශාල ලෙස බලපෑම් කරන දෙයක්. එහෙනම් ශරීරය ලස්සන කරගන්න කැමති කෙනෙක් නම් අනිවාර්යෙන්ම දිනපතා වතුර ලීටර් තුනක් පානය කරන්න.
2. සතියකට වරක් හෝ තැබිලි වතුර පානය කරන්න
3. දින තුනකට වරක් පිපිඤ්ඤා කොමඩු වැනි ජලීය එලවළු හා පළතුරු ආහාරයට ගන්න
4. දිනකට විටමින් සී 500mg එකක් ලබා ගන්න
5. සතියකට වරක් ඇග සහ මුහුණ ස්ක්‍රබ් කරන්න 6. සීනි සහ තෙල් භාවිතය නැවැත්වීම හමේ පෙනුමට විශාල ලෙස බලපාන දෙයක් තමයි අදික ලෙස සීනි භාවිත කිරීම සහ තෙල් අදික ආහාර ලබා ගැනීම. සීනී භාවිතය නැවැත්වීමට හැකිනම් ඔබේ සමේ පෙනුම රැක ගැනීමට ඔබට පුලුවන්.
7. ප්‍රෝටීන් අධික ආහාර ලබා ගැනීම
ඉහත දේ දිනපතා පුහුණු කරන්න පුළුවන් නම් ඔබේ සමේ පෙනුම පවත්වා ගැනීමට ඔබටත් පුලුවන්.