මොනාද මේ හැමෝම ලස්සන වෙන ග්ලූටතයෝන්..?

Beauty
By Sithumini Feb 19, 2025 04:33 PM GMT
Report


ග්ලූටතයෝන් කියලා කියන්නේ පසුගිය දිනවල බොහෝ දෙනෙක් අතර ප්‍රසිද්ද දෙයක්.

බොහෝ සමේ පැහැය වැඩි කරන නිශ්පාදන වල බොහෝමයක් අඩංගු නිශ්පාදනයක් බවට මේ වන දිට ග්ලූටතියෝන් පත්වෙලා තියෙනවා. 

 මේකට හේතුවෙන්නේ ග්ලූටතියෝන් කියන්නේ සමේ පැහැය වර්ධනය කරන්න පුලුවන් සංඝටකයක්. ඒ නිසාම හම පැහැය වර්ධනය කිරීම සදහා ග්ලූටතියෝන් නිශ්පාදනවලට හැකියාව පවතිනවා. 

 ග්ලූටතියෝන් ශරීරයට ලබා ගන්නේ කොහොමද? ශරීරයේ පැහැය වර්ධනය කර ගැනීමටනම් ග්ලූටතියෝන් ශරීරයට ලබා ගන්න ක්‍රම කීපයක් තිබෙනවා. 

 1. ඉන්ජෙක්ශන් ආකාරයෙන් ශරීරයට ග්ලූටතයෝන් ලබා ගැනීම. 

නමුත් මෙහිදී වැදගත් වෙන කාරණයනම් ශරීරයට ග්ලූටතයෝන් ලබා ගැනීමේදි ඒ පිළිබදව හොද දැනුමක් සහිත වෛද්‍ය උපදෙස් මත කිරීම ඉතාම වැදගත්.

2. ග්ලූටතොයෝන් සහිත නිශ්පාදන ආලේප කිරීම. 

ග්ලූටතියෝම් ඇඩංගු කර ලෝකයේ විවිධ ආලේපන තිබෙනව. එම ආලේපන තෝරා බේරාගෙන ආලේප කිරීම තමයි වැදගත් වෙන්නේ. 

3. ග්ලූටතයෝන් අඩංගු අභ්‍යන්තර පෝෂණ අතිරේක ලබා ගැනීම. 

මේවන විට මෙවැනි අභ්‍යන්තර පෝෂණ සත්කාර විශාල ප්‍රමාණයක් දක්නට ලැබෙන අතර ඒවා පිළිබදව හොද අධ්‍යනයකින් පසුව වෛදය උපදෙස් මත ලබා ගැනීම ඉතාම වැදගත්.