විශ්ව රූ රැජින තරග ඉතිහාසයේ මෙතෙක් සිදු නොවූ වෙනසක්..විශේෂ පිරිසකට සුපිරි අවස්ථාවක්...

Sri Lanka
By Aruna Aug 30, 2022 07:29 AM GMT
Report

වසර 70ක ඉතිහාසයක් ඇති විශ්ව රූ රැජින (Miss Universe) තරගාවලියේ ඓතිහාසික වෙනසක් කිරීමට එහි සංවිධායකයන් සූදානම් වන බව වාර්තා වේ.

මෙතෙක් කලක් මෙම තරගාවලියට සහභාගි වීමට අවස්ථාව ලැබුණේ අවිවාහක සහ දරුවන් නොමැති තරුණියන්ට පමණි.

ඔවුන් අවුරුදු 18 – 28 අතර වයස්වල පසුවන්නන් ද විය යුතුය.

නමුත් ලබන වසරේ සිට මෙම තත්ත්වය වෙනස් වනු ඇති අතර විවාහක සහ දරුවන් සිටින කාන්තාවන්ටද මෙම තරගාවලියට සහභාගි වීමට අවස්ථාව හිමි වනු ඇත.

වයස් සීමාවේ වෙනසක් සිදුවෙනවාද යන්න පිළිබඳව තවමත් ප්‍රකාශයට පත්ව නැත.

විවාහ වීම, දරුවන් ලැබීම වැනි පෞද්ගලික තීරණ කාන්තාවකගේ ඉදිරි ගමනට බාධාවක් නොවිය යුතුය යන පදනම මත මෙම වෙනස කිරීමට අදහස් කළ බව සංවිධායකයන් ප්‍රකාශ කර තිබේ.

2022 විශ්ව රූ රැජන තරගය මෙම වසරේ අවසාන භාගයේ පැවැත්වීමට නියමිතය.

එහි ඇතැම් මූලික වට මේ වනවිටත් පවත්වා අවසන්ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join now