පිටියම රත් කරමින් ආයෙත් කරළියට ආ මැක්ස්වෙල්ගේ සුපිරි පිති හරඹ ලියැවුණේ මෙහෙමයි.. (PHOTOS)

Cricket Australia India Indian Cricket Team Australia Cricket Team
By krishani Nov 29, 2023 02:00 PM GMT
Report

ඊයේ (28) ගුවහති ක්‍රීඩාංගණයේ පැවති ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය පිළිබඳ මේ වන විට ලෝකයේම අවධානය යොමු වී තිබෙනවා.

පිටියම රත් කරමින් ආයෙත් කරළියට ආ මැක්ස්වෙල්ගේ සුපිරි පිති හරඹ ලියැවුණේ මෙහෙමයි.. (PHOTOS) | Glenn Maxwell In The 20 20 Cricket Tournament

එයට හේතුව ඔස්ට්‍රේලියා සුපිරි පිතිකරු ග්ලෙන් මැක්ස්වෙල්ගේ සුපිරි ප්‍රතිප්‍රහාරය නිසාය.

එහිදී කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියා නායකයාගේ ආරාධනයෙන් ඉන්දියාව ප්‍රථමයෙන් පන්දුවට පහර දුන්නේ ය. 

ඉන්දියාව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 3ක් දැවී ලකුණු 222ක් ලබා ගත්තේ ය.

ඉන්දියාව වෙනුවෙන් විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩාකළ Ruturaj Gaikwad සිය මංගල විස්සයි විස්ස ශතකයත් සමගින් පන්දු 57කදී නොදැවී ලකුණු 123ක් රැස් කළ අතර ලකුණු 223ක ජයග්‍රාහි ඉලක්කයක් හඹායෑමට පිටියට පිවිසි ඔස්ට්‍රේලියා කණ්ඩායමේ කඩුලු 5ක් ලකුණු 134ක් තුළ දැවී ගියේ ය.

හයවන කඩුල්ල වෙනුවෙන් පිටියට එක්වූයේ ග්ලෙන් මැක්ස්වෙල් සහ නායක මැතිව් වේඩ්. ය.

ඔවුන් දෙදෙනා පිටියට එක්වන අවස්ථාවේ ඔස්ට්‍රේලියාවට පන්දු 39කදී ලකුණු 89ක දැවැන්ත ඉලක්කයක් හිමිව තිබුණ.

පිටියම රත් කරමින් ආයෙත් කරළියට ආ මැක්ස්වෙල්ගේ සුපිරි පිති හරඹ ලියැවුණේ මෙහෙමයි.. (PHOTOS) | Glenn Maxwell In The 20 20 Cricket Tournament

මැතිව් වේඩ් සමග එක්වූ ග්ලෙන් මැක්ස්වෙල් විශිෂ්ඨ පිතිහරඹයක නිරතවෙමින් ඔස්ට්‍රේලියාව ජයග්‍රාහී මාවතට රැගෙන ආවේ ය.

තරගයේ අවසන් පන්දුවාර 2ට ඔස්ට්‍රේලියාවට ජයග්‍රහණය සඳහා හිමි වූ ඉලක්කය ලකුණු 43ක් විය.

කෙසේ වෙතත්, ජයග්‍රහණය සඳහා අවසන් පන්දුවට රැස්කර ගත යුතුව තිබූ ලකුණු දෙක, හතරේ පහරක් එල්ල කරමින් සම්පූර්ණ කළ ග්ලෙන් මැක්ස්වෙල් ඔස්ට්‍රේලියාවට විශිෂ්ඨ ජයක් හිමිකර දෙන ලදී.

ඉන්දියාවට එරෙහිව ඕනෑම කණ්ඩායමක් විස්සයි විස්ස තරගයක් හඹාගොස් ජයගත් ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස මෙම හඹා යෑම වාර්තා අතර ද එක් විය.

ශ්‍රී ලංකා ක්‍රිකට් නව කාල සටහන නම් කරයි..ඉදිරි තරග පවත්වන විදිය මෙන්න..

ශ්‍රී ලංකා ක්‍රිකට් නව කාල සටහන නම් කරයි..ඉදිරි තරග පවත්වන විදිය මෙන්න..