ගිරිතලේ මෛත්‍රී හිමියන් වනඅලි ප්‍රහාරයකින් අපවත් වෙයි..!

Sri Lanka Elephant
By Sewvandhi Jul 05, 2023 08:04 AM GMT
Report

සෝමාවතිය වන්දනාවේ ගොස් යළි වැඩම කරමින් සිටි හිමිනමක් සුංගාවිල සෝමාවතිය මාර්ගයේදී වනඅලි ප්‍රහාරයකට ලක්වීමෙන් අපවත්වී තිබේ. 

ඊයේ (04) ගම්පහ දෝම්පේ ප්‍රදේශයේ ආරණ්‍යය සේනාසනයක වැඩවිසූ පූජ්‍ය ගිරිතලේ මෛත්‍රී හිමියන් පොළොන්නරුව ඓතිහාසික සෝමාවතිය පුදබිම වන්දනාමාන කරගැනීමට වැඩම කර ඇත.

වන්දනාමාන කටයුතුවලින් අනතුරුව අද (05) අලුයම නැවත දොම්පේ ප්‍රදේශයට යාමට උන්වහන්සේ පැමිණ තිබුණේ වනඅලි නිරන්තරයෙන් ගැවසෙන සුංගාවිල සෝමාවතිය මාර්ගය ඔස්සේය.

එලෙස පැමිණි උන්වහන්සේ සුංගාවිල වනජීවි කාර්යාලය අසලදී අද අලුයම 3.30ට පමණ වනඅලි ප්‍රහාරයට ලක්වී තිබුණි.