දිවයින පුරා පොලිස් නිලධාරීන්ගේ දූ දරුවන්ට පොලීසියෙන් ලැබුණු දේ - (PHOTOS)

Nihal Talduwa Sri Lanka Police Deshabandu Tennakoon
By Sewvandhi Feb 03, 2024 01:43 PM GMT
Report

පොලීසිය විසින්, 2024 වර්ෂයේ පළමු වසරට ඇතුළත් කරනු ලබන පොලිස් නිලධාරීන්ගේ සහ සිවිල් කාර්යමණ්ඩලයේ දූ දරුවන් සඳහා පාසල් උපකරණ ලබාදීමට කටයුතු කර තිබේ.මේ සදහා වෙන්කර ඇති මුදල දෙකෝටි 31 ලක්ෂයකි.

මෙම වැඩසටහන යටතේ,  දිවයින පුරා රාජකාරි කටයුතුවල නියුතු විවිධ තරාතිරම්වල පොලිස් නිලධාරීන් 4,547 දෙනෙකු සහ සිවිල් කාර්යමණ්ඩල 148 දෙනෙකුගේ දූ දරුවන් සඳහා සපත්තු සහ පාසල් උපකරණ ලබාගැනීම වෙනුවෙන් රුපියල් 5,000ක මුදලක් ලබාදීම සිදුකෙරේ.

වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් ඊට අනුමැතිය ලබාදී ඇති බවයි, පොලිස් මූලස්ථානය සඳහන් කරන්නේ.

මෙම වැඩසටහන සංකේතවත් කරමින් අද (03) දින නුගේගොඩ සහ ගල්කිස්ස කොට්ඨාසවල පොලිස් නිලධාරීන් 64 දෙනෙකු සහ සිවිල් කාර්යමණ්ඩලයට අයත් නිලධාරීන් 02 දෙනෙකුගේ දූ දරුවන් 66 දෙනෙකුට මිරිහාන පොලිස් වසමේ සෝලිස් හෝටල් පරීශ්‍රයේදී වැඩබලන පොලිස්පතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊට අදාළ වව්චර්පත් ලබාදීම සිදුකෙරුණි.

Sponsored By Sarrita Jewellery

දිවයින පුරා පොලිස් නිලධාරීන්ගේ දූ දරුවන්ට පොලීසියෙන් ලැබුණු දේ - (PHOTOS) | Gifts For Police Officers Children


GalleryGalleryGalleryGalleryGalleryGallery