රාජ්‍ය බැංකු ගැන අයවැයෙන් විශේෂ තීරණ - බැංකු ණයකරුවන් සම්බන්ධයෙනුත් දැඩි තීරණයක්..

Ranil Wickremesinghe Sri Lanka Financial crisis Budget 2024 - sri lanka
By Sewvandhi Nov 13, 2023 08:20 AM GMT
Report

බැංකු පද්ධතියේ ප්‍රාග්ධන වැඩිදියුණු කිරීමේ ක්‍රියාවලියට සහාය වීම සඳහා රුපියල් බිලියන 450ක් වෙන්කිරීමට යෝජනා කර තිබේ.

ජනාධිපතිවරයා සඳහන් කළේ, රාජ්‍ය බැංකු දෙකෙහි අනාගත වර්ධනයට සහාය වීම සඳහා විශාල රාජ්‍ය බැංකු දෙකේ කොටස්වලින් සියයට 20ක් උපාය මාර්ගික ආයෝජකයින්ට හෝ මහජනතාවට ලබාදිය යුතු බවට මෙවර අයවැය මගින් යෝජනා කරන බවය.

ජනපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ,රාජ්‍ය බැංකුවල අනාගත මූල්‍ය තත්ත්වය පිරිහීම වැළක්වීම සඳහා ප්‍රධාන නිලධාරීන් සහ රාජ්‍ය බැංකු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් පත්කිරීම සම්බන්ධයෙන් වඩාත් දැඩි නීති පැනවීමට පියවර ගන්නා බවයි.

එමෙන්ම, තනි ණය ගැණුම්කරුවන් සඳහා සීමාවන් වැනි ණය අවදානම පිළිබඳ දැඩි නීති ඇතුළු ප්‍රතිසංස්කරණ පියවර රැසක් මීට සමාන්තරව ක්‍රියාත්මක කරන බවද ජනපති සදහන් කළා.

බැංකු පනතේ සංශෝධන මෙම ප්‍රතිසංස්කරණ සඳහා නීතිල්මය රාමුවක් සපයනු ඇති බවත් එය 2024 වර්ෂයේ මුල් භාගයේදී සම්මත කිරීමට අපේක්ෂා කරන බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පවසයි.