බැංකු ණයක් ලබා ගන්න ඔබ සපුරාගත යුතු සුදුසුකම්.
බැංකු ණයක් ලබා ගැනීමට අවශ්‍ය වූ විට ණයක් ගන්නේ කොහොමද? ණයක් ගන්න සපුරාලිය යුතු සුදුසුකම් මොනවද? යන ගැටළු බොහෝ දෙනෙකුගේ සිතේ ඇති වන ගැටළුවක්. සාමාන්‍යයෙන් බැංකු සහ මූල්‍ය ආයතන බලාගෙන ඉන්නෙත් ණය දෙන්න. ඔවුන්ගේ ප්‍රධාන අදායම් මාර්ගය වන්නේත් ඔබට ණය මුදල් දීම. ඔවුන් ඔබේ ඉතුරුම් තැන්පතු වලට බැංකු වලින් පොළියක් ගෙවිය යුතු වෙනවා. පසුව ඒ විදිහට ඔබේ ඉතුරුම් තැන්පතු ණය ඉල්ලුම්කරුවන් සඳහා ලබා දීම මඟින් බැංකු සහ මූල්‍ය ආයතන පොළි ප‍්‍රතිලාභයක් ලබා ගන්නවා.
ඒ නිසා බැංකුවකින් ණයක් ලබා ගැනීම එතරම් අපහසු දෙයක් නෙවෙයි. හැබැයි ඒ සඳහා ඔබ මෙන්න මේ සුදුසුකම් ටික නම් අනිවර්යයෙන් සපුරා ගන්න ඕන.
💰 ඔබේ මුදල් ණය ලෙස ලබාදීමට පෙර එය යළි අයකර ගැනීමේ හැකියාව තිබීමේ හැකියාව තිබෙනවද? නැද්ද යන්න බැංකුව විසින් සොයා බලනවා. ඒ අනුව ඔබ බැංකුවකින් හෝ මූල්‍ය ආයතනයකින් ණයක් ලබා ගැනීමේදී එම ණය මුදල හා ඊට අයකරන පොලී මුදල ආපසු ගෙවීමේ හැකියාවක් ඔබ සතු විය යුතුයි. එහිදී ඔබේ වැටුප, ආදායම් මට්ටම නිශ්චල හා චංචල දේපළවල ස්වභාවය සහ ඔබ මීට පෙර ලබාගෙන ඇති ණය හෝ ණය ගෙවාගෙන යන ආකාරය සොයා බලනවා.
💰 සාමාන්‍යයෙන් ඔබ කලින් ගත් ණය සඳහා මාසික වැටුපෙන් සියයට 60කට වඩා වැඩි ප‍්‍රමාණයක් කැපී යනවා නම්, ඔබට යළි ණයක් ලබා ගැනීමේ හැකියාව නැහැ. මොකද වැටුපෙන් ඉතිරි වන සියයට 40 ඔබේ ජීවන වියදම් සඳහා වැය වන බැවින්.
💰 බැංකු සහ මූල්‍ය ආයතන පුද්ගලික ණය, නිවාස ණය, ගොවි ණය, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ණය, දේපොළ ණය, ව්‍යාපාරික ණය, ධීවර ණය මේ ආදී වශයෙන් විවිධ ණය වර්ග ලබාදෙනවා. මෙහිදී මෙම ණය ඉල්ලුම්පත් සමඟ ලියකියවිලි කිහිපයක් ද අවශ්‍ය වෙනවා.
💰 ඒ අනුව ඔබ ලබා ගැනීමට අපේක්ෂා කරන ණය මුදල වෙනුවෙන්ඇපකරුවන් සිටිය යුතු අතර ඔවුන් මාසික වැටුප ලබන්නන් විය යුතුයි. එමෙන්ම ඔවුන් ආදායමින් සියයට 62 නොඉක්මවා ණය ලබා නොගන්නා කෙනෙක් ද විය යුතුයි. ඒ වගේම ඇපකරුවන්ගේ හැඳුනුම්පත් වල ඡායා පිටපතක්, ඔවුන්ගේ වැටුප් විස්තරයන්, සහ පදිංචිය තහවුරු කිරීමට ග්‍රාමසේවා සහතිකයක් අවශ්‍ය වෙනවා.
💰 ඔබට අවශ්‍ය නිවාස ණයක් ලබා ගැනීමට නම්, වැය ඇස්තමේන්තුව, නිවසට පිවිසෙන මාර්ගය පිළිබඳ සටහනක් බැංකුවට හෝ මූල්‍ය ආයතනයට ලබා දෙන්න ඕන. මීට අමතරව නිවසේ අයිතිය තහවුරු කරන ඔප්පු පිටපත හෝ විදුලි, දුරකථන බිල්පත්වල ඡායා පිටපතක් අදාළ ආයතනයට ඉදිරිපත් කිරීම අනිවාර්යයි.
💰 මේ අතර ඔබ ව්‍යාපාරික ණයක් ලබා ගන්නේ නම් එහිදී ඔබගේ ව්‍යවසායකත්ව හැකියාව, දෛනික පිරිවැටුප ආදිය ගැන බැංකුවෙන් සොයා බලනවා. හැබැයි ඔබ මතක තියාගන්න, මෙහිදී ඔබ ලබාගත් ව්‍යාපාරික ණය වාරික පොළියක් සමඟ ආපසු ගෙවීමේදී නියමිත දිනට ගෙවීමට සැලසුම් කරන්න. මොකද ව්‍යාපාරික ණය ගෙවිය යුතු දිනය පහු වී දින 6 වගේ කාලයක් ගත වුණොත් 7 වන දිනයේ සිට අදාළ ණය වාරිකයට සියයට 4ක අමතර පොලියක් ගෙවීමට ඔබට සිදුවෙයි. හැබැයි ව්‍යාපාරික ණය අයැදුම් කිරීමේදී ඔබ පසුගිය මාස 6ක ආදායම්, වියදම් හා ලාභ පිළිබඳ වාර්තාවක් ද, ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ සහතිකය සහ ආදායම් සහතිකය ද ඉදිරිපත් කළ යුතු වෙනවා. ඒත් ආදායම් වාර්තා හෝ වැටුප් විස්තර නම් ඉදිරිපත් කළ නොහැකියි.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ |