TIN අංකය අරන් දෙන්න Facebook එකේ බිස්නස් එකක් පටන් අරන්ලු. - එක් අයෙකුට ගන්න ගාන මෙන්න.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය හරහා බොහෝ දෙනෙකු මාර්ගගත ක්‍රමයට ටින් අංකය ලබා ගැනීමට උත්සාහ දරනවා.
මාර්ගගත ක්‍රමයට ටින් අංකය ලබා ගැනීමේ ඉල්ලුම් පත්‍ර පිරවීම සඳහා ඇතැමුන් රුපියල් 3000 ක පමණ මුදලක් අය කරන බවටයි වාර්තා වී ඇත්තේ.
ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසන පවසන පරිදි, බදු ගෙවීම හඳුනාගැනීමේ අංකය (ටින් අංකය) මෙරට ජනගහනයෙන් එක්කෝටි හතළිස් ලක්ෂයකට ආසන්න පිරිසක් ලබාගත යුතු වෙනවා.
ඒ, අනුව මෙරට වයස අවුරුදු 18 ට වැඩි ජනගහණය එක්කෝටි හතළිස් හය ලක්ෂ අසූ හය දහසක් (14,686,000).
පසුගිය වසරේ (2023) සිදුවූ උපත් සහ මරණ ගලපා මෙම දළ ඇස්තමේන්තුව සකස් කර තිබෙනවා.
ඒ අනුව මේ වනවිට සිය වැටුපට අදාළව බදු ගෙවන්නන්ද ඇතුළුව දළ වශයෙන් ලක්ෂ පහකට වැඩි පිරිසක් බදු ගෙවනු ලබනවා.
මෙම පිරිස අතරට එකතු කළ අගය මත බද්ද (වැට්) ගෙවන පිරිස 13,000ක්.
නමුත්, රජයේ දත්ත සඳහන් කරන්නේ මෙරට ජනගහණයෙන් තවමත් ආදායම් බදු ගෙවනු ලබන්නේ දෙලක්ෂ හාරදහසක (204,000) ක පිරිසක් පමණක් බවයි..
Sponsored By Sarrita Jewellery