පාපන්දු ලෝක කුසලානය උණුසුම් වෙයි - තවත් ප්‍රබල කණ්ඩායමකට දැවැන්ත පරාජයක්

Football Sri Lanka FIFA World Cup FIFA World Cup Qatar 2022
By Sewvandhi Nov 23, 2022 04:10 PM GMT
Report

ප්‍රබල ජර්මන් කණ්ඩායම පරදවා ගෝල 2ට 1ක් ලෙස ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සිය පළමු තරගය ජයගැනීමට ජපානය සමත්ව තිබේ.

සිව්වරක් ලෝක කුසලානය හිමිකරගෙන ඇති ජර්මානු කණ්ඩායම පළමු අර්ධය අවසාන වනවිට 1ට 0ක් ලෙස ඉදිරියේ සිටියේය.

එහිදී තරගයේ 33 වන මිනිත්තුවේදී İlkay Gündoğan දඬුවම් පහරක් සාර්ථක කරගැනීමෙන් එම ගෝලය ජර්මානු කණ්ඩායමට හිමිවිය.

කෙසේ වෙතත් තරගයේ දෙවන අර්ධයේ 75 වන මිනිත්තුවේදී ක්‍රියාත්මක වූ Ritsu Doan ජපානය වෙනුවෙන් ගෝලයක් ලබාගැනීමට සමත්විය.

අනතුරුව තරගයේ 83 වන මිනිත්තුවේදී ප්‍රබල ජර්මන් කණ්ඩායමට එරෙහිව ජයග්‍රාහී ගෝලය වාර්තා කිරීමට ජපාන ක්‍රීඩකTakuma Asano සමත්විය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now