රෝහලකට මහජන ආධාර පතයි..!

Badulla Sri Lanka Ministry of Health Sri Lanka Hospitals in Sri Lanka
By Sewvandhi Sep 19, 2023 03:21 PM GMT
Sewvandhi

Sewvandhi

in ඖෂධ
Report

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය අද(19) බදුල්ලේදී පැවති මාධ්‍ය හමුවකදී බදුල්ල මහ රෝහලේ ඉකුත් වසර තුළ සිදුකළ පශ්චාත් මරණ පරික්ෂණ 1883 න් 770 දෙනෙක් මරණයට පත්ව ඇත්තේ හෘදයාබාධ හේතුවෙන් බව ප්‍රකාශ කළා.

මෙම මාධ්‍ය හමුව කැඳවා තිබුණේ, බදුල්ල මහ රෝහල සදහා රුපියල් මිලියන 250ක වියදමින් දානපතියන්ගේ ආධාරයෙන් ඇන්ජියෝග්‍රෑම් යන්ත්‍රයක් මිලදී ගැනීම සදහා ”ඔබේ හදවතට අපෙන් ජීවයක් නමින්” අරමුදලක් පිහිටුවීම පිළිබදව දැනුවත් කිරීම සදහාය.

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය , බදුල්ල නීතිඥ සංගමය, බදුල්ල මහ රෝහලේ රෝගීන් සත්කාර සංගමය ඇතුළු සංවිධාන රැසක් මෙම අරමුදල හා සම්බන්ධ වී සිටින බවයි සඳහන් වන්නේ.

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසන්නේ, මිලියන එකයි දශම පහක ඌවේ ජනතාවට සෞඛ්‍ය පහසුකම් සපයන එකම රෝහලකවත් ඇන්ජියෝග්‍රෑම් යන්ත්‍රයක් නොමැති බවත් මෙම රෝගීන්ට එවැනි පරීක්ෂණයක් සදහා කොළඹ, මහනුවර, පොළොන්නරුව හෝ කරාපිටිය රෝහලට යාමට සිදුවීමෙන් ඔවුන් අපහසුතාවයටත් ජීවිත අවදානමටත් මුහුණ පා සිටින බවයි.

එමෙන්ම බදුල්ල මහජන බැංකුවේ විවෘත කර ඇති 010100102549429 ”ඔබේ හදවතට අපෙන් ජීවයක්” අරමුදලට මුල්‍ය ආධාර ලබාදිය හැකි බවටද එහිදී දැනුවත් කර තිබෙනවා.

කුමන්ත්‍රණයකට හසු වුණාද..? ධනුෂ්කට චෝදනා එල්ලකළ තරුණිය අවසානයේ පිළිගත් කතාව..

කුමන්ත්‍රණයකට හසු වුණාද..? ධනුෂ්කට චෝදනා එල්ලකළ තරුණිය අවසානයේ පිළිගත් කතාව..

Sri Lanka Parliamentary Election 2024

  • NPP 6863186 | 159 Seats
    Jathika Jana Balawegaya
    61.56%
  • SJB 1968716 | 40 Seats
    Samagi Jana Balawegaya
    17.66%
  • NDF 500835 | 5 Seats
    New Democratic Front
    4.49%
  • SLPP 350429 | 3 Seats
    Sri Lanka Podujana Peramuna
    3.14%
  • OTHERS 1464840 | 18 Seats
    All Other Parties
    13.14%