ධනය, බලය ,වාසනාව උදා කර ගැනීමට ඔබ පැළදිය යුතු මැණික් වර්ගය දැන සිටියාද..? ධනවතුන් බිහිකරණ මේ රහස දැනගනිමු..

Astrology Lagna Palapala Jothishya Lagna Gem
By Sewvandhi Feb 13, 2024 03:52 PM GMT
Sewvandhi

Sewvandhi

in රචනා
Report
මේෂ ලග්නය

මෙම ලග්න හිමියන්ගේ ගුරු මහදශාවක් හෝ අතුරු දශාවක් යන කාළවලදී පුෂ්ප රාග මැණික හොද වාසනාවක් ගෙන අතර ඔවුනට රැකියාව සම්බන්ධ කාරණා වලදී නිල් කැට මැණික මිල මුදල් වාසනාව ගෙන දෙයි. තවද ආත්ම ශක්තිය හීන අයට නායකත්ව ලක්ෂණ, විශ්වාසය, උත්සහය වර්ධනය වීමට රතු කැට මැණික හෝ රතු කොරල් පාශාණ වලින් මුදු සාදා පැලදීම සුදුසුයි.

වෘෂභ ලග්නය

මෙම ලග්න හිමියන්ට නිල් කැට මැණික ඉතා හොද වාසනාවක් ගෙනෙන අතර දියමන්ති හෝ සුදු නිල් මැණිකද ස්වකීය අරමුණු සාර්ථක කර ගැනීමට සුදුසුයි. මෙම මැණික් දකුණු අතේ මැදගිල්ලට මුදුවක් සාදා පලදින්න.

මිථුන ලග්නය

මෙම ලග්න හිමියන්ට අරමුණු සාර්ථක වීමට සුදු නිල් මැණිකද වාසනාව වර්ධනය වීමට නිල් කැට මැණිකද සුදුසු වන අතර ගුරු මහ දශා හෝ අතුරු දශා යන්නේ නම් පුෂ්පරාග මැණික විවාහ හා රැකියා වාසනාව වඩා වර්ධනය කරයි. විශේෂයෙන් තෝරමල්ලි පච්ච හෝ මරකථ පච්ච මැණික් කීර්තිය, වාසනාව, බුද්ධිය වර්ධනයට බෙහෙවින් උපකාරී වේ.

කටක ලග්නය

ඔබට සෙම් රෝග නැතිනම් භය නැතිව චන්දා කාන්ති මැණිකක් පලදින්න ආත්ම විශ්වාසය තීක්ෂණ නුවණ සහ කාරණා ඉශ්ඨ වීමේ හැකියාවන් ඉහල යයි. මුතු ඇල්ලූ මුදුවක්ද ඊට සමාන ගුණ දෙයි. තවද රතු කොරල්, රතු කැට සහ පුෂ්ප රාග මැණික්ද යම් පමනක වාසනාවක් ගෙන දීමට හේතු වේ.

සිංහ ලග්නය

ඔබගේ කීර්තිය වර්ධනය වෙන්න ඔබගේ ආත්ම ශක්තිය වැඩිදියුණු වීමට පද්මරාග මැණිකක් වෙදගිල්ලට පලදින්න. තවද වාසනාව වැඩි දියුණු වීමට රතු කැට මැණික පැලදීමත් රැකියා දියුණු වීමට සුදු නිල් මැණික හෝ දියමන්ති පැලදීමත් යෝග්‍ය බව පරීක්ෂණාත්මකව හෙලි වී ඇත.

කන්‍යා ලග්නය

මරකථ පච්ච හෝ තෝරමල්ලි පච්ච මැණික් මෙම ලග්න හිමියන්ට ජීවන ගමනට ලොකු අත්වැලක් දෙයි. එමෙන්ම ධන සම්පත උදා වීමට පෙර පින ඉස්මතු වීමට සුදු නිල් මැණිකක් හෝ දියමන්තියක් පැලදීම ඉතා සුබයි.

තුලා ලග්නය

මෙම ලග්න හිමියන්ට සුදු නිල් මැණික පැලදීම ජීවන ගමනට මනා රුකුලක් වේ. මරකථ පච්ච ගලද වාසනව ගෙන දීමට දායකත්වයක් දක්වයි. තරමක් පාට සුදු නිලක් පැලදුවද, නිල් මැණිකක් පැලදුවද වරදක් නැත. වාසනාව සෙයාගෙන එයි.

වෘශ්චික ලග්නය

මෙම ලග්න හිමියන්ට චන්දා කාන්ති පාශානය, මුතු වැනි දෑ පැලදීමෙන් වාසනාව උදා වේ. තවද මෙම ලග්න හිමියන්ට පුෂ්ප රාග මැණික පැලදීමත් ආර්ථික ලාභ ලැබීමට හා ගේදොර සමගිය වර්ධනයට උපකාරී වේ.

ධනු ලග්නය

පුෂ්ප රාග මාණික්කය මොවුන්ගේ බුද්ධි වර්දනයට තැන්පත් බව ඇති කිරීමට හා ජීවන ස්ථාවරත්වයට උපකාරී වන අතර සිය කීර්තිය වර්ධනයට හා නිල තල ලබා ගැනීමට පද්ම රාග මැණික පැලදීම සුභයි.

මකර ලග්නය

මෙම ලග්න හිමියන්ට නිල් මැණිකක් නිතර පැලදීම ජීවන සාර්ථකත්වයට හේතුවක් වන අතර සුදු නිල් මැණිකක් පැලදීම රැකිරක්ෂා දියුණුවට හා බාහිර පාර්ශව හා සම්බන්ධතා වර්ධනයට උපකාරීවේ.

කුම්භ ලග්නය

මෙම ලග්න හිමියන්ට දේපොල ඉඩකඩම් දියුණුවට සුදු නිල මැණිකක් පැලදීම යෝග්‍ ය වේ තවද පුෂ්පරාග මැණිකක් පැලදීමෙන් ධන වාසනාව වර්ධනය වේ

මීන ලග්නය

මෙම ලග්න හිමියන්ට පුෂ්පරාග මැණිකක් පැලදීම සීර්ඝ සාර්ථකත්වයකට හේතු වන අතර මොවුන්ගේ ධන වර්දනයට රතු කැට හෝ රතු කොරල් පැලදීම යෝග්‍ ය වේ. තවද ආදර සම්බන්ධතා ඇති කර ගැනීමට චන්ද්‍ ර කාන්ති මාණිකය පැලදීමත් සුබය.

නමුත් සූක්ෂම කේන්ද්‍ර පරික්ෂාවකින් පසු අදාල අපල වලට පැළඳිය යුතු මැණික් වර්ග තීරණය කල යුතු අතර, ඇතැම් අවස්ථා වලදි ලග්නයට සුබ මැණිකක් වුවත් අපලය අනුව අසුබ ඵල හිමිකර දිය හැකිය. එබැවින් පවුලේ ජ්‍යෝතිර් වේදියා මුණගැසී හරි හැටි දැනගෙනම සුබ මැණික් පළඳින්න...