ගීතාට ජනපති දුන් විශේෂ උපදෙස..

Ranil Wickremesinghe Sri Lanka Geetha Kumarasinghe
By Sewvandhi Apr 30, 2023 06:17 PM GMT
Report

අද (30) පෙරවරුවේ කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ දී , ශ්‍රී ලාංකීය කාන්තාවන් සවිබල ගැන්වීමේ අරමුණින් ප්‍රථම වරට සංවිධානය කරන ලද “Women Plus Bazaar 2023” ප්‍රදර්ශනය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය. 

කොළඹ පිහිටි ඊජිප්තු අරාබි ජනරජයේ තානාපති කාර්යාලය, කොළඹ මහ නගර සභාව, කාන්තා ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශය හා ජාතික ශිල්ප සභාව එක්ව සංචාරකයන් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රදර්ශනය සංවිධානය කර තිබුණා.

ප්‍රදර්ශනය නැරඹීමට සහභාගි වූ ජනාධිපතිවරයා ප්‍රදර්ශන කුටි වෙත යමින් නිෂ්පාදකයින් සමඟ සුහද කථා බහක නිරත වී තිබේ.

ජනාධිපතිවරයා මෙහිදී කාන්තා, ළමා කටයුතු සහ සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මියට, දේශීය හා විදේශීය පාරිභෝගිකයන් සඳහා මෙවැනි දේශීය අත්කම් භාණ්ඩ අලෙවි කිරීමට ගාල්ල ප්‍රදේශයේ වෙළෙඳ මධ්‍යස්ථානයක් ඉදිකිරීම සඳහා සුදුසු ගොඩනැඟිලි භූමියක් සොයාබලන ලෙස උපදෙස් ලබා දී තිබේ.

බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක, ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ජූලි චන්ග්, ඊජිප්තු අරාබි ජනරජයේ තානාපති මගීඩ් මොස්ලේ, ජාතික ශිල්ප සභාවේ සභාපති සම්පත් ඇරැහැපොල, එක්සත් ලක් වනිතා පෙරමුණේ සභාපතිනි ශාන්තිනි කෝන්ගහගේ යන මහත්ම මහත්මීන් සහ විදේශ තානාපති කාර්යාල නියෝජිතයෝ ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now