අමුද්‍රව්‍ය 3කින් ගෙදරදීම හදාගන්න පුළුවන් රස බිස්කට් Recipe එකක්.

Food Shortages Sri lanka Food Recipes
By Wayomi May 25, 2022 06:55 AM GMT
Report

මේ දවස්වල බිස්කට් එකක මිල වුණත් මිනිස්සුන්ට දරාගන්න අමරුයිනේ. ඉතින් මං අද කියන්න හදන්නේ මේ අමුද්‍රව්‍ය 3ක් විතරක් භාවිතා කරලා ගෙදරදීම හදාගන්න පුළුවන් රස ගී බිස්කට් ගැනයි.

අවශ්‍ය ද්‍රව්‍ය

- එළගිතෙල් 150ml

- පාන් පිටි 150g

- අයිසින් සීනි හෝ කුඩු කරගත් සීනි 150g

සාදාගන්න ආකාරය

- මේ සියල්ල එකට මිශ්‍ර කරගන්න.

- ඊට පස්සේ පොඩි බෝල සාදා අතින් ටිකක් තද කර පැතලි හැඩයට සාදාගන්න.

- දැන් ඔබට මෙය බේක් කරගන්න පුළුවන්.

එහෙමත් නැත්නම්

- ඝනකම් භාජනයකට වතුර දාලා ලිපේ තියන්න.

- එකට උඩින් ට්‍රේ එකක් ( රැක් එකක්) තියලා විනාඩි 5ක් පියන වහල රත් කරගන්න.

- පස්සේ ට්‍රේ එකකට oil paper එකක් දාලා එකට උඩින් බිස්කට් ටික තියාගෙන රත් වූ භාජනය ඇතුලෙන් බිස්කට් දාපු තැටිය තියලා විනාඩි 20ක් අඩු ගින්දරේ බිස්කට් ටික හදාගන්න. 


Gallery