අභිරහස් ග්‍රේට් වෙස්ට(ර්)න් මරණය පසුපසින් තවත් බිල්ලක්. !
ග්‍රේට් වෙස්ට(ර්)න් කඳු මුදුනේ දී අභිරහස් ලෙස මිය ගිය කාන්තා මළ සිරුර රැගෙන ඒමට ගිය යුද හමුදා කෝප්‍රල්වරයකු හදිසියේ ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් රක්ෂිතය තුළම ජීවිතක්ෂයට පත් ව තිබේ.
නුවරඑළිය ශ්‍රී ලංකා තුන් වන සිංහ රෙජිමේන්තුවේ රාජකාරි කරමින් සිටි අනුරාධපුරයේ පදිංචි 36 හැවිරිදි කෝප්‍රල්වරයෙක් මෙලෙස මියගොස් තිබෙනවා.
එනම් මෙහිදී, මෙම කාන්තා මළ සිරුර රැගෙන යාම සඳහා පොලිස් නිලධාරින්, යුද හමුදා නිලධාරින් හා පොලිස් විශේෂ කාර්‍ය බළකා නිලධාරින් රක්ෂිතය තුළට ගොස් ඇත.
ඔවුන් පසුපසින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු, හමුදා නිලධාරියකු රක්ෂිතයේ වැටී සිටින බව පවසා ඇති අතර, වහාම ක්‍රියාත්මක වූ සෙසු නිලධාරින්, කෝප්‍රල්වරයාව රෝහල්ගත කර තිබේ.
ලිඳුල පොලීසියේ ස්ථානාධිපතිවරයා සඳහන් කළේ, නමුත් ඒ වන විටත් ඔහු මියගොස් සිටි බවට නුවරඑළිය දිස්ත්‍රික් මහරෝහලේ වෛද්‍යවරුන් තහවුරු කළ බවයි.