බදු වැඩි කිරීමත් අදාළ විශේෂ ගැසට් පත්‍ර හතරකට මුදල් කාරක සභාවේ අනුමැතිය..
අනුමතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ගැසට් පත්‍ර 05ක් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ දී සලකාබලා තිබේ.
ඒ අනුව ඉන් ගැසට් පත්‍ර 04ක් සඳහා මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමිවී ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතීත්වයෙන් පසුගියදා රැස්වූ රජයේ මුදල් පිළිබද කාරක සභාවේදී අදාළ ගැසට්පත්‍ර පිළිබඳ සිදුකළ විශ්ලේෂණයකින් අනතුරුව මෙම අනුමතිය ලබාදීම සිදුවිය.
මේ අනුව 2005 අංක 6 පනතින් සංශෝධිත 2002 අංක 14 දරන එකතුකළ අගය මත බදු පනත යටතේ නියමය සඳහන් 2282/26 දරන ගැසට් පත්‍රය සඳහා කාරක සභාවේ අනුමතිය හිමිවිය.
එකතුකළ අගය මත බද්ද (VAT) 12% දක්වා වැඩි කිරීමට අදාළව මෙම ගැසට් පත්‍රය ප්‍රකාශයට පත් කර තිබිණි.
2277/62 දරන අති විශේෂ ගැසට්පත්‍රයේ සඳහන් සුරාබදු ආඥා පනත යටතේ නියමය ද මෙහිදී සලකාබැලුණි
රා ලීටරයක් වෙනුවෙන් රුපියල් 50ක බද්දක් අයකිරීමට අදාළව මෙම ගැසට් පත්‍රය පනවා තිබූ අතර අදාළ ගැසට් පත්‍රයට අනුමතිය ලබාදීම සිදුවිය.
අංක 2272/53 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ සඳහන් 2003 අංක 25 දරන මුදල් පනත යටතේ නියමය කාරක සභාවේ සලකාබලා අනුමතිය ලබාදීම ද සිදුවිය.
රත්මලාන ගුවන් තොටුපොළේ සිට පිටත්ව යන සෑම තැනැත්තෙකුගෙන්ම අයකරන ගාස්තුව අමෙරිකානු ඩොලර් 30 දක්වා අඩුකිරීම සඳහා මෙම ගැසට් පත්‍රය පළකරg තිබේ.
වැඩි විස්තර පහතින්,
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |

