සමලිංගිකයින් වෙනුවෙන් වෙළෙඳපොළට ආ විශේෂ පානය.

LGBTQ
By krishani Jul 22, 2023 05:47 AM GMT
Report

'Gay Water' යන නාමයෙන් සමලිංගික ප්‍රජාව (LGBTQ+) වෙනුවෙන් විශේෂ පානයක් වෙළෙඳපොළට නිකුත්කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

එම පානය සමලිංගික ප්‍රජාව දිරිගැන්වීමේ අරමුණින් වෙළෙදපොලට නිකුත් කර තිබෙනවා. 

මෙම පානයේ නිර්මාතෘවරයා වන්නේ  Hoddeson නම් පුද්ගලයෙක් වන අතර ඔහු ද සමලිංගිකයකු වේ.

කෙසේ වෙතත්, මීට වසරකට පමණ පෙර බීම කර්මාන්තයේ රැකියාවක් ලැබූ තම මිතුරා සමඟ නිවාඩුවක් ගත කරන අතරතුර මෙම විශේෂ පානය නිර්මාණය කිරීමට යොමු වූ බව ඔහු සඳහන් කර සිටියේ ය.