වාහන වලට දෙයියන්ගෙම පිහිටයි - පෙට්‍රල්-භූමිතෙල් කලවම් වෙයි, සියල්ලම කැමරාවට හසුවෙයි -( VIDEO)
Sri Lanka Police
Sri Lanka
Sri Lanka Police Investigation
Sri Lanka Fuel Crisis
By Sewvandhi
පොලීසිය විසින්, පෙට්‍රල් බවුසර් මගින් සූක්ෂම ලෙස ඉන්ධන පිටතට ගෙන අනතුරුව එම ප්‍රමාණයට භූමිතෙල් කලවම් කර විකිණීම සඳහා බෙදාහරින මහා පරිමාණ ජාවාරමක් වැටලීමට සමත්ව තිබේ.
පොලීසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇත . ඒ ඔවුන් ඉන්ධන බවුසර් මාබිම ප්‍රදේශයේ රහසිගත ස්ථානයක් වෙත රැගෙනගොස් ඉන්ධන කලවම් කිරීමට සූදානම් වූ අවස්ථාවේදීය.
මහර මහේස්ත්‍රාත් අධිකරණය වෙත අදාළ සැකකරුවන් ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් සපුගස්කන්ද පොලීසිය වැඩිදුර පරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබෙනවා.
එහි සිටි එක් සැකකරුවෙකු එම ස්ථානයෙන් පලාගිය අයුරු කැමරාවේ පටිගතව තිබුණු අයුරු පහළින්..