අද ගෑස් බෙදාහැරීම සම්බන්ධයෙන් විශේෂ දැනුම් දීමක්...

Sri Lanka Litro Gas LAUGFS Gas PLC Liquefied Petroleum Gas
By Aruna May 24, 2022 01:05 AM GMT
Report

මෙට්ට්‍රික් ටොන් 7,500ක් අඩංගු ගෑස් නෞකා දෙකක් සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 6.5 ක මුදලක් ඊයේ දිනයේදී ගෙවූ බවත් ඉන් පළමු නෞකාව ලබන බ්‍රහස්පතින්දා දිවයිනට ලඟා වීමට නියමිත බව ලිට්රෝ සමාගමේ සභාපති විජිත හේරත් මහතා පවසනවා.

මේ අතර අද දිනයේදී ගෑස් බෙදා හැරීමක් සිදුනොකරන බව ලිට්රෝ සමාගම පවසයි.

ඒ අනුව ගෑස් මිලදී ගැනීම සඳහා මහජනතාව පෝලිම්වල රැඳී සිටීමෙන් වළකින ලෙසයි ලිට්රෝ සමාගමේ සභාපතිවරයා ඉල්ලා සිටින්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now