ගෑස් සිලින්ඩර අලෙවි කරන ප්‍රදේශ ගැන විශේෂ දැනුම් දීමක්.. එම ප්‍රදේශ මෙන්න.
ලිට්රෝ සමාගම විසින් ඊයේ (22) දිනයේ දී දිවයින පුරා ගෑස් බෙදාහරින ක්‍රමවේදය සහ අදාළ ගෑස් පැමිණෙන අලෙවි මධ්‍යස්ථාන සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව ඊයේ දිනයේ දී දිවයින පුරා අලෙවි නියෝජිත මධ්‍යස්ථාන 416කදී පාරිභෝගිකයින් හට තම ගෑස් සිලින්ඩරය ලබාගත හැකියි.
එක් එක් අලෙවි මධ්‍යස්ථාන වෙත බෙදාදෙන ගෑස් සිලින්ඩර ප්‍රමාණය සම්බන්ධයෙන් ද ලිට්රෝ සමාගම සිය නිවේදනය තුළ දක්වා තිබෙනවා.
ඒ අනුව අලෙවි මධ්‍යස්ථානයට ලැබෙන ප්‍රමාණයට පමණක් මුලින් පැමිණෙන පාරිභෝගිකයින් හට අදාළ ගෑස් හිමිවෙනු ඇති.
මේ අතර, ඉන්ධන බෙදා හැරීමේ කටයුතු නිරීක්ෂණය කිරීමට සහ එම සැලසුම් පිළිබඳව සාකච්ඡා කිරීමට පෙරේදා (21) සවස කොලොන්නාව තෙල් ගබඩා පර්යන්තයේ දී හදිසි නිරීක්ෂණය චාරිකාවකට බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා එක්ව සිටියා.
මෙම කටයුතු අධීක්ෂණය කරන හමුදා නිලධාරීන් සමග ද එහිදී සාකච්ඡා කරන ලද අතර එම බව්සර් රථ ඉන්ධන පිරවුම්හල් වෙත ගමන් කිරීමේ දී ඉන්ධන පිරවුම්හල් හිමියන් දැනුවත් කිරීමට සහ අවශ්‍ය ආරක්ෂාව ලබාදීමේ වැඩපිළිවෙල පිළිබඳව ද සාකච්ඡා කෙරුණා.
බව්සර් රියදුරන් සහ සහායකයන් මුහුණදෙන ගැටලු ගැන සහ ඔවුන්ගේ අවශ්‍යතා වෙනුවෙන් ද අමාත්‍යවරයා විසින් මෙහිදී තීරණ ගනු ලැබුවා.
ලිට්රෝ ගෑස් අලෙවි කිරීම සිදුවන ස්ථාන ගැන සඳහන් සම්පූර්ණ නිවේදනය මෙතනින් බලන්න?.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |