ගෑස් හිඟයක් - යළිත් දින ගණනක සිට පෝලිම්

Sri Lanka Litro Gas
By Sewvandhi Nov 26, 2022 09:19 AM GMT
Report

හැටන් නගරයේ පාරිභෝගිකයින් පවසන්නේ දින ගණනාවක සිට යළිත් ලිට්‍රෝ ගෑස් හිගයක් පවතින බවයි.

 වාර්තාකරු සඳහන් කළේ, හැටන් නගරයේ පිහිටි ලිට්‍රෝ ගැස් අලෙවි නියෝජිතයින්ට ලිට්‍රෝ සමාගම විසින් දැනට මාසයක පමණ කාලයක සිට සීමිත ගැස් සිලින්ඩර් ප්‍රමාණයක් පමණක් ලබාදීම නිසා මෙම ගැස් හිඟය මතුවී ඇති බවය.

අද (26) දින ලිට්‍රෝ සමාගම විසින් අලෙවි නියෝජිතයින්ට ගැස් තොග බෙදාහරින බවට ලද තොරතුරක් මත පාරිභෝගිකයන් ගෘහස්ථ ගැස් සිලින්ඩර රැගෙන මෙලෙස අලෙවිසැල් වෙත පැමිණ තිබුණි


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now