මධ්‍යම රාත්‍රියේ සිට විශාල ගණනකින් අඩුවූ දේ මෙන්න..බිත්තර මිලත් අඩු කරයි?..
කිලෝ ග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1050කින් අඩුකෙරේ ගෘහස්ථ ලාෆ් ගෑස් මිල ඊයේ (17) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පහළ දැමීමට තීරණය කර තිබේ.
ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5ක ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1050කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 5800කි.
එසේම කිලෝ ග්‍රෑම් 5ක ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 420කින් අඩුකර ඇති අතර එහි නව මිල සටහන් වන්නේ 2320ක් ලෙසටය.
මේ අතර කිලෝ ග්‍රෑම් 2 ලාෆ් ගෑස් සිලින්ඩරයක නව මිල ලෙස සටහන් වන්නේ 928ක් ලෙසටය.
මේ අතර අධික ලෙස ඉහළ ගොස් තිබෙන බිත්තර මිල සම්බන්ධයෙන් හදිසියේ තීරණයක් ගැනීමට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය තීරණය කර තිබෙනවා.
ඒ , බිත්තරයක මිල රුපියල් 60 සීමාවෙන් ඔබ්බට යෑමට ඉඩ ලබානොදීමටයි.
එම සංගමය මේ බව ප්‍රකාශ කළේ ඊයේ පාරිභෝගික අධිකාරියට පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමන්.
මේ වන විට දිවයිනේ ඇතැම් ප්‍රදේශව බිත්තරයක් අලෙවි වනුයේ රු. 65ත් 75ත් අතර මිලකටය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |