ගෑස් මිල ඉහළ දැමීමත් සමග ආපනශාලා හිමියන්ගේ සංගමයෙන් රතු එළියක්..

Litro Gas LAUGFS Gas PLC Litro Gas Price Sri Lanka Food Crisis Laugfs Gas Price
By krishani Feb 06, 2023 12:57 AM GMT
Report

ලිට්රෝ ගෑස් මිල ඉහළ දැමීමට සාපේක්ෂව ලාෆ් ගෑස් සමාගම ද මිල සංශෝධනය සම්බන්ධයෙන් අද (06) ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි.

පාරිභෝගික ජනතාව චෝදනා කළේ, යලිත් වරක් ගෑස් මිල ඉහළ දැමීම තමන්ට දරාගත නොහැකි බව ය.

කෙසේවෙතත් ගෑස් මිල වැඩි කිරීම හේතුවෙන් සිය නිෂ්පාදනවල මිල ගණන් සංශෝධනය කිරීම ගැන අවසන් තීරණය අද ප්‍රකාශයට පත්කරන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි.

ගෑස් මිල ඉහළ යාමත් සමඟ සිය නිෂ්පාදන හා සේවාවල මිල ඉහළ දැමීමට සිදුවනු ඇති බව එම සංගමයේ සභාපති අසේල සම්පත් මහතා සඳහන් කළේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join