අද මධ්‍යම රාත්‍රියේ සිට ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ඉහළ දැමේ ..!
කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රු. 5,175/- සිකුරාදා (22) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්රෝ ගෑස් සමාගම පවසයි.
මේ අතර ලිට්රෝ ගෑස් සමාගමේ නව සභාපතිවරයා ලෙස විජිත හේරත් මහතා ඊයේ (21) පත්කර තිබුණි. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ වත්මන් සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේ ද ඒ මහතාය.
ලිට්රෝ සමාගමේ මීට පෙර සභාපති ලෙස කටයුතු කළ තෙෂාර ජයසිංහ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පසුගියදා ජනපති වෙත යොමුකර තිබුණි.
මේ අතර ගෘහස්ත ගෑස් සිලින්ඩර බෙදාහැරීමේ කටයුතු එළඹෙන 25 වනදා දක්වා අත්තිටුවීමට පසුගියදා ලිට්රෝ සමාගම පියවර ගෙන තිබුණි.
එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේ එළඹෙන 25 වනදා මෙරටට ගෘහස්ත ගෑස් මෙට්‍රික් ටොන් 3,600ක් රැගත් නෞකාවක් ළඟාවීමට නියමිත බවය.
එසේම එළඹෙන 27 වනදා ද නැවත ගෘහස්ත ගෑස් මෙට්‍රික් ටොන් 3,600ක් රැගත් නෞකාවක් මෙරටට ළඟාවීමට නියමිත බවද එම ආරංචි මාර්ග සඳහන් කළේය.
කෙසේ වෙතත් මේ වනවිට ගෘහස්ත ගෑස් මෙට්‍රික් ටොන් 1,300ක පමණ ප්‍රමාණයක් ලිට්රෝ සමාගම සතුව ඇති බවද විශ්වාසදායී ආරංචි මාර්ග සඳහන් කරයි.
එම ගෑස් තොග හෝටල්, ආරක්ෂක අංශ, ආදාහනාගාර සහ රෝහල් වැනි අත්‍යවශ්‍ය සේවා සපයන ස්ථාන වෙත බෙදාහැරීමට නියමිතව ඇති බවටද තොරතුරු වාර්තා වුණි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |