යළිත් ගෑස් මිල වැඩි වෙන ලකුණු - සමාගම කියන කතාව..!

Sri Lanka litro laughf Piyal Colomba hetti
By Sewvandhi Mar 18, 2022 02:56 PM GMT
Report

කිලෝ ග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරය වෙළඳපලට නිකුත් කිරීම සඳහා පමණක් ලිට්රෝ සමාගමට රුපියල් 4462 ක මුදලක් පිරිවැය වශයෙන් දැරීමට සිදුවී ඇති බව ලිට්‍රෝ සුරැකීමේ ජාතික එකමුතුවේ පියල් කොළඹහෙට්ටි පවසනවා.

අද කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ලිට්‍රෝ සුරැකීමේ ජාතික එකමුතුව පවසා සිටියේ මේ ආකාරයට පාඩුපිට ලිට්රෝ සමාගම තවදුරටත් පවත්වාගෙන ගිය හොත් ඉදිරි මාස තුන ඇතුළත මෙම සමාගම වසා දැමීමට සිදුවන බවයි.

මේ වන විටත් රුපියල් කෝටි 1100 ට අධික පාඩුවක් දරමින් ලිට්රෝ සමාගම පාරිභෝගිකයින් වෙනුවෙන් ගෑස් නිකුත් කරන බවත්, තවදුරටත් එලෙස සිදු කිරීමට සමාගමට හැකියාවක් නොමැති බවත් ඔහු අවධාරණය කළා.

මේ වන විට ලංකාව පුරා කුඩා සංචාරක හෝටල් 1500 ට ආසන්න ප්‍රමාණයක් වසා දමා ඇති බවත් ඒ හරහා සිය සමාගමේ අලෙවිය කැපී පෙනෙන ලෙස පහත වැටී ඇති බවත් මෙම මාධ්‍ය හමුවේ දී ඔහු පෙන්වා දුන්නා.

2015 වසරේ සිට මේ දක්වා ආසන්න වශයෙන් රජයට රුපියල් බිලියන 50කට ආසන්න මුදල් ප්‍රමාණයක් සිය සමාගම හරහා උපයා දී තිබුණ ද මේ වන විට එම තත්වය සම්පූර්ණයෙන්ම කණපිට හැරී ඇති බවටයි ඔහු පෙන්වා දෙන්නේ.

මේ හේතුවෙන් නුදුරේදීම ගෑස් සිලින්ඩරයක මිල වැඩිකර මෙම තත්ත්වය කළමනාකරණය කර ගැනීමට සමාගම කටයුතු නොකළහොත් අනිවාර්යෙන්ම පාඩු ලබන ආයතනයක් බවට පත් වී බංකොලොත් වී යා හැකි බවට ඔහු අනතුරු අඟවනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
 Join Now