යළි ගෑස් මිල ඉහළ යෑමක් ගැන නවතම ආරංචිය මෙන්න..
Litro Gas
Litro Gas Price
Laugfs Gas Price
By Aruna
ඉදිරියේදී ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් මිල ඉහළ දැමීමට සිදුවන බව ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා ප්‍රකාශ කර සිටිනවා.
ඉදිරියේ සිදුවන 18%ක බදු වැඩිවීමත් සමග මෙම මිල ඉහළ යාම සිදුවිය හැකි බවයි, සභාපතිවරයාගෙන් සිදුකළ විමසීමකදී කියා සිටියේ.
මේ අතර ලෝක වෙළඳපොලේ ගෑස් මිල ඉහළ ගොස් තිබුණද උත්සව සමය පිළිබඳව සලකා ලිට්රෝ ගෑස් මිල ඉහළ නොදැමීමට එම සමාගම පසුගියදා තීරණය කළේ ය.
කෙසේවෙතත් සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ, ලබන ජනවාරි මාසයේ දී සිදුවන බදු වැඩිවීමත් සමඟ අකමැත්තෙන් වුවද ගෑස් මිල ඉහළ දැමීමට සිදුවනු ඇති බවයි.