වහාම ක්‍රියාත්මක වන පරිදි ගෑස් මිල වැඩි කරයි..නව මිල ගණන් මෙන්න.
ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම සිය ගෘහස්ථ LP ගෑස් සිලින්ඩරයක මිල ඉහළ දමන බව නිවේදනය කර තිබෙනවා.
ලිට්‍රෝ ගෑස් ලංකා සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පැවසුවේ කිලෝග්‍රෑම් 12.5ක සිලින්ඩරයක මිල රුපියල් 70ත් 90ත් අතර ප්‍රමාණයකින් ඉහළ නංවන බවයි.
මෙම සංශෝධිත මිල හෙට (නොවැ 04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බව ඔහු වැඩිදුරටත් පැවසීය.
ලෝක වෙළෙඳපොළේ මිල ඉහළ යාම හේතුවෙන් මෙම මිල සංශෝධනය ක්‍රියාත්මක කරන බවද මුදිත පීරිස් මහතා සඳහන් කළේය.
මේ අතර , මීට පෙර පසුගිය මාසයේද මෙලෙස ලිට්‍රෝ 12.5kg සිලින්ඩරයක මිල රුපියල් 145 කින් ඉහළ දැමූ අතර, ඒ අනුව අවසන් වරට පැවති මිල රුපියල් 3,127 කි.
කිලෝග්‍රෑම් 5ක සිලින්ඩරයක් රුපියල් 58කින් ඉහළ දැමූ අතර ඒ අනුව මිල රුපියල් 1256කින් ඉහළ ගියා.
2.3kg සිලින්ඩරයක් රුපියල් 26 කින් වැඩි වූ අතර, අවසන් වරට පැවති මිල රුපියල් 587 කි.
එහිදී ගිය මාසයේ ලිට්‍රෝ සභාපතිවරයා පැවසුවේ, රුපියල් 900 ටත් වැඩි මුදලකින් ගෑස් මිල වැඩි වන්නට තිබියදී මෙවැනි අඩු ගණනකින් වැඩි කළ බවයි .