අද මධ්‍යම රාත්‍රියේ සිට ගෑස් මිලේ වෙනසක්..
ලිට්රෝ ගෘහස්ථ ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් සිලින්ඩරවල මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කිරීමට සුදානමින් සිටිනවා.
මේ අනුව, ලිට්රෝ ගෑස් සමාගම ගෘහස්ථ LP ගෑස් සිලින්ඩරවල මාසික මිල සංශෝධනය අද ප්‍රකාශයට පත් කරයි.
රජය විසින් අනුමත කරන ලද මිල සූත්‍රය මත පදනම්ව LP ගෑස් සිලින්ඩරවල මිල සෑම මසකම 5 වන දින සංශෝධනය කෙරේ.
පසුගිය මාස කිහිපය තුළ ගෝලීය වෙළෙඳපොළේ LP ගෑස් මිල ඉහළ ගියද, ලිට්රෝ ගෑස් සමාගම පසුගිය මාසයේ මිල සංශෝධනය කිරීමක් සිදු කළේ නැහැ.
කෙසේ වෙතත්, ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා ඊයේ ප්‍රකාශ කළේ, ජාත්‍යන්තර වෙළඳපොලේ ගෑස් මිල සැලකිය යුතු ලෙස ඉහළ යාම හේතුවෙන් අද දිනයේදී දේශීය ගෑස් මිල ඉහළ යාමට ඉඩ ඇති බවයි.
ජාත්‍යන්තර වෙළෙඳපොළේ ගෑස් මෙට්‍රික් ටොන් එකක මිල ඇමෙරිකානු ඩොලර් 103කට වැඩි අගයක් දක්වා ඉහළ ගොස් ඇති බව ඔහු සඳහන් කළා.