ගෑස් මිල ගැන සභාපති ගෙන් විශේෂ දැනුම්දීමක්..

Litro Gas LAUGFS Gas PLC Liquefied Petroleum Gas Litro Gas Price
By Aruna Aug 04, 2023 05:36 AM GMT
Report

ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදුනොවන බව එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසනවා.

මේ අතර, ලිට්‍රෝ ගෑස් සමාගම ගෑස් සිලින්ඩර මිල අද සංශෝධනය කිරීමට නියමිතව තිබන බව ඊයේ දැනුම් දෙනු ලැබුවා.

ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා ඊයේ ඉඟි කළේ, ගෝලීය වශයෙන් ගෑස් මිල ඉහළ යාම හේතුවෙන් ගෘහස්ථ ගෑස් සිලින්ඩරවල මිල මේ මාසයේ ඉහළ යාමට ඉඩ ඇති බවයි.

සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළේ ලෝක වෙළෙඳපොළේ ගෑස් මෙට්‍රික් ටොන් එකක මිල ඇමෙරිකානු ඩොලර් 85කට වඩා ඉහළ ගොස් ඇති බවයි.

ඒ අනුව මෙම මිල වැඩිවීම දේශීය වෙළෙඳපොළට ද බලපානු ඇතැයි සභාපතිවරයා ඊයේ ප්‍රකාශ කළා.

එහි සභාපති මුදිත පීරිස් මහතා ඊයේ පැවසුවේ, ගෘහස්ථ ලිට්‍රෝ ගෑස් සිලින්ඩර් සඳහා නව මිල අද ප්‍රකාශයට පත් කරන බවයි.

කෙසේවෙතත් ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදුනොවන බවයි එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා අද ප්‍රකාශ කළේ.

ගෑස් මිල සූත්‍රය මත පදනම්ව ලිට්‍රෝ ගෑස් මිල මාසිකව සංශෝධනය කෙරේ.