වහාම ක්‍රියාත්මක වන පරිදි ගෑස් මිල විශාල ගණනකින් අඩු කරයි..නව මිල ගණන් මෙන්න.

Ceylon Petroleum Corporation Litro Gas LAUGFS Gas PLC Litro Gas Price Kanchana Wijesekera
By Aruna Jul 04, 2023 05:25 AM GMT
Report

ලිට්රෝ ගෑස් මිල පහළ දැමීමට එම ආයතනය අද(04) තීරණය කර තිබෙනවා.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රු. 204 න් අඩු වූ අතර, ඒ අනුව එහි නව මිල රු. 2982.00ක් වන බවයි වාර්තා වන්නේ.

මේ අතර, කිලෝග්‍රෑම් 5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රු. 83න් අඩු වූ අතර, ඒ අනුව එහි නව මිල 1198.00ක් වනවා.

කිලෝග්‍රෑම් 2.3 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රු. 37න් අඩු වූ අතර ඒ අනුව එහි නව මිල රු. 561.00 වන බවයි වාර්තා වන්නේ.

මෙම වසරේ මේ දක්වා අවස්ථා 05 කදී ගෑස් මිල සංශෝධනය කර ඇති අතර ඉන් එක් අවස්ථාවකදී හැර අනෙක් සියලු අවස්ථාවල මිල පහත දැමුවා.

මේ අතර ලබන වසරේ ජනවාරි මාසය වනවිට මාබිම කර්මාන්ත ශාලාව ගෑස් සිලින්ඩර 50,000ක් නිකුත් කිරීම සඳහා විවෘත කිරීමට නියමිත බව ද මුදිත පීරිස් මහතා ප්‍රකාශ කළා.

දිනෙන් දින ගෑස් පරිභෝජනය වැඩිවීම හේතුවෙන් එම තීරණය ගත් බව පැවසු ඒ මහතා,  මේ වනවිටත් එහි වැඩකටයුතු ආරම්භ වී ඇතැයි ද කියා සිටියා.

අවසන්වරට ගාස්තු සංශෝධනයක් සිදු කෙරුණේ, පසුගිය මස 4 වනදා වන අතර එහි දී කිලෝග්‍රෑම් 12 දශම 5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 452 කින් අඩු කළා.