අද මධ්‍ය රාත්‍රියේ සිට විශාල ගණනකින් අඩු කරන දේ මෙන්න..සුභ ආරංචියක්..

Sri Lanka Litro Gas LAUGFS Gas PLC Litro Gas Price Laugfs Gas Price
By Aruna Jul 03, 2023 11:57 PM GMT
Report

අද(04) දිනයේ සිට ගෑස් මිල තවදුරටත් පහළ හෙළන බව ලිත්‍රො ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කරනවා.

ඒ අනුව, කිලෝ ග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල අද(04) දිනයේ සිට රුපියල් 3000 ට වඩා අඩු මට්ටමකට පත්වනු ඇති බවයි මුදිත පීරිස් මහතා ප්‍රකාශ කළේ.

තමාගේ අරමුණ ලිට්‍රෝ ගෑස් මිල රුපියල් එක්දහස් නවසියයත් දෙදහසත් අතර තැබීම බව ද ඒ මහතා කීය.

රුපියල් තුන්දහස් ගණනේ සිට රුපියල් දෙදහස් ගණනට අඩුවන්නේ කිලෝ ග්‍රෑම් 12.5 ක ගෑස් සිලින්ඩරයක මිල බවත්, ඊට සාපේක්‍ෂව අනෙකුත් ප්‍රමාණවල ගෑස් සිලින්ඩරවල මිල ද අඩුවන බවත් ඒ මහතා කියා සිටියා.

ගෑස් මිල අඩුවීම සම්බන්ධයෙන් අද නිල වශයෙන් රටට ප්‍රකාශ කරන බව පැවසූ ඒ මහතා තමා සභාපති ලෙස වැඩ භාර ගැනීමෙන් පසු අවස්ථා කිහිපයකදීම ගෑස් මිල අඩුකළ බවත් තමාගේ අරමුණ 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1900 ත් 2000 ත් අතර පවත්වාගෙන යෑම බවත් කියා සිටියේය.

දැනට කිලෝ ග්‍රෑම් 12.5 ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 3186 ක් වේ.

ඒ අනුව අද(04) මධ්‍යම රාත්‍රී සිට නව මිල ක්‍රියාත්මක බව ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා ප්‍රකාශ කළා.